ලසිත් පෙරේරා සංගීත ඇකඩමිය මහත් ආඩම්බරයෙන් ඔවුන්ගේ නවතම, දක්ෂතම කලාකාරිය වන ලෙහන්සා හඳුන්වා දෙයි

ලසිත් පෙරේරා සංගීත ඇකඩමිය මහත් ආඩම්බරයෙන් ඔවුන්ගේ නවතම, දක්ෂතම කලාකාරිය වන ලෙහන්සා හඳුන්වා දෙයි. ලෙහන්සා, 12 වනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරියකි.
ලෙහන්සා, ඇගේ නවතම සංගීත වීඩියෝව වන්නේ 'තරුවක් සේ' ය. එම වීඩියෝව මේ වනවිට එළිදැක්වීමට සුදානම්ය. මෙහි සංගීතය
ඕමිත් පෙරේරා විසිනි. ගීත රචනයට ද ඕමිත් පෙරේරා එක් වී සිටින්නේ අමිල් කුලතුංග සමඟිනි.
'තරුවක් සේ' අධ්‍යක්ෂණය කර ඇත්තේ ලසිත් පෙරේරා සහ ජනප්‍රිය නිර්මාණ ශිල්පිනිය වන වරුණි ද සිල්වා විසිනි.
ලෙහන්සාගේ මෙම නවතම සංගීත වීඩියෝව, YouTube, Vivo, iTunes, Spotify හරහා නොවැම්බර් 1 නිකුත්කිරීමට සියලු කටයුතු සුදානම්ය. එය රසික හදවත් ආදරයෙන් වැළඳගනු නොඅනුමානය.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
