සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ

  • 12-01-2026
  • Views 30

2026 වසරේ තිරගත වූ ප්‍රථම ලාංකික චිත්‍රපටය ලෙසත්,

නිළි රැජනයැයි අබිසෙස් ලද මාලිනී ෆොන්සේකා තම රංගනයේ අවසන් වර්ණ ධාරා මුහු කළ චිත්‍රපටය ලෙසත්,

ෆොන්සේකා පරපුරේ පරම්පරා ත්‍රිත්වයක් එකම චිත්‍රපටයක් තුළට රංගනයෙන් යා කළ චිත්‍රපටය ලෙසත්,

ලාංකික සිනමා ඉතිහාසයේ පිටුවක් වර්ණ ගන්වන මලකි දුවේ නුඹ චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් හීදී පැවැත්වුණා.

කල්පන ආරියවංශ සහ ව්න්දන ආරියවංශ අධ්‍යක්ෂණය කළ මලකි දුවේ නුඹ චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකා , සම්මානනීය වේදිකා ,ටෙලිනාට්‍ය ,කෙටි චිත්‍රපට සහ සිනමා නළු ශ්‍යාම් ප්‍රනාන්දු ,සමනලී ෆොන්සේකා සහ කුෂේන්‍යා ෆොන්සේකා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

අතිශය සංවේදි සහ භාවාත්මක ප්‍රස්තුතයක් කේන්ද්‍ර කරගත් මලකි දුවේ නුඹ ච්ත්‍රපටයේ මංගල දර්ශනයේ සේයා රූ සමුදායෙන් සමුච්චයකි මේ.