Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි

  • 20-11-2025
  • Views 64


ලාංකේය චිත්‍රපට ක්ෂේත්‍රයට නව අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම නිෂ්පාදකවරයෙක් ලෙස අනිෂ්ක ජයසිංහගේ "Beginnings" චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දවසක  රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වුණා. 

මෙහි කතා සාරාංශය - 


 "BEGINNING " චිත්‍රපටය, 90' දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාව පාදක කොට ගෙන නිර්මාණය වී ඇත. 

දස හැවිරිදි රොෂාන් සිංහල පවුලක උපත ලැබ විදේශීය පරිසරයකට සහ සංස්කෘතියකට අනූව හැදී වැඩුනු දරුවෙකි. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණේ, මෙහිදී සිංහල භාෂාව හැසිරවීමට ඇති නොහැකියාව, ශ්‍රී ලාංකීය සමාජය ඒ දෙස බලන අයුරු  ඔහුට අභියෝගයක් වේ.

ඔහු ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසී මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතරතුර සිදුවන විවිධ හිරිහැර, විවේචන, කුඩා මනස වියාකූල තත්ත්වයට පත්කරන අතර මෙය ඔහු තුළ මානසික අවපීඩනයක් ඇති කරයි.
ඔහුට මෙම අභියෝග ජයගැනීමට හැකි වේද යන ප්‍රශ්නය ඔහු නිරන්තරයෙන් තම අභ්‍යන්තරයෙන් අසයි. 

මෙම සිද්ධීන් සමඟ කාලය ගලාගෙන යන අතර රෝෂාන් තනිකම, ප්‍රතික්ෂේප වීම්, සහ ස්වයං සැකය, සමඟ නිහතමානී සටනක යෙදෙයි. 

එහෙත් ඔහුව පිළිගන්නා විශ්වාසවන්ත මිතුරා, පවුලේ උණුසුම, ආදරය, සහ චිත්‍රපට සඳහා තිබෙන ආශාව ඔහුගේ අදුරු දවස් එළිය කර ගැනීමට දරන උත්සාහය මෙම චිත්‍රපටයෙන් පිළිබිඹු වේ.
.
මෙහි රොෂාන් නැමැති ප්‍රධාන චරිතය රඟපාන්නේ පසන් රණවීර. ඊට අමතරව තුමිඳු දොඩන්තැන්න, ඩිනාරා පුංචිහේවා, ටෙහානි චිට්ටි, හිදායක් හසීර්, ලක්ෂිත එදිරිසිංහ, තරුෂ කුමාරසිංහ, වරුන් සේතු, ශාලා අමරසූරිය, ට්‍රේසි ජයසිංහ රංගනයෙන් එක්වෙනවා.