ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට - වරල්

  • 05-01-2026
  • Views 52

 

වරල්........වරල් ගහලා පීනන්න සිංහල සිනමා සාගරයට එන අලුත්ම Movie  එක තමයි වරල් කියන්නෙ....

මම මේ කල්පනා කළේ වරල් script story එක ඔයාට අමුවෙන්ම දිග අරිනවද නැත්නම් පුංචි හරි ඉඟියක් හරි දෙනවද කියලා.......නෑ ඕනෙ නෑ shooting  පටන් ගත්තමම ඒ ගැන අපි ලාවට ලාවට කතා කරමු.....
Film එකේ  සෙට් එකම කියපු විදිහට ඒක පට්ට වැඩක්....shooting  ලංකාවෙ සහ ඉතාලියේ

වරල් සිංහල සිනමාවට තිළිණ කිරීමේ ගෞරවය අයිති දේවාට .දේවා කියන්නෙ නළුවෙක් ..එන්න තියෙන සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කළ එමිලි චිත්‍රපටයෙන් තමා දේවා හා හා පුරා කියලා එයාගෙ නළුකම දිගහරින්නෙ.....වරල් movie  එකෙත් ප්‍රධාන නළුවා එයා.සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කරන වරල් රංගනයෙන් හැඩ කරන්නෙ අපේ සිනමාවෙ ලොකු අය්යා මහේන්ද්‍ර පෙරේරා , කාලෙකින් සිනමාවට එන තවත් සුපිරියක් වෙච්ච පාලිත සිල්වා , යුරේනි නොෂිකා ඇතුළු සෙට් එකක්....රිවස්ටන් වෙනුවෙන් හිටු කියලා ගන්න පුළුවන් රන් සම්මාන ඔක්කොම ගත්ත ලොකු අය්යත් වරලෙ වරල් ගහනවා කියන්නෙම වරල් ඉතින් සුපිරියක් නොවී තියෙයිද

වරල් මුහුරතට සාරවිට අපිත් ගියා....

ලස්සනට සුපිරියට පිළිවෙලට  Jaic Hilton එකේ තිබුණු මුහුරත  සංවිධානය කළේ  White space studio 

සමන් අබේසිරිවර්ධන ,චතුර ගීතනාත් බණ්ඩාර ,ගයියා ඇතුළු සෙට් එක......
ඉතින් ස්තූතියි 
ඉතින් සුබපැතුම්