දකුණු ඉන්දීය නළු වේල රාම මූර්තිත් රඟපාන RAAZ වැඩ අරඹයි

  • 23-09-2025
  • Views 77

සිංහල සිනමාවට තවත් චිත්‍රපටයක් නුදුරේම එක්වෙන බවට ඉඟියක් දෙමින් RAAZ  චිත්‍රපටයේ මුහුරත් උළෙල කළුබෝවිල ශ්‍රී වෙන්කටේශ්වර මහා විෂ්ණු මූර්ති කෝවිල් පරිශ්‍රයේදී හරි ලස්සනට පැවැත්වුණා .RAAZ චිත්‍රපටයට දකුණු ඉන්දීය නළුවෙක් වූ වේල රාමමූර්තිත් රංගනයෙන් එකතු වෙනවා.

RAAZ චිත්‍රපටයෙ තියෙන්නෙ මෙහෙම කතාවක්.ඖෂධ මාෆියාකරුවන් සමාජගත කරන වෛරසයකට එරෙහිව ප්‍රතික්‍රියා කරන ඖෂධයක් වෛද්‍යවරයෙක් සොයා ගැනීමත් එක්ක ඔහු පසු පස හඹා එන මාෆියාකරුවන් ඒ වෛද්‍යවරයා පැහැර ගන්නවා.RAAZ  කියන්නෙ ආදරය, කුතුහලය, ත්‍රාසය ඔක්කොම පිරිච්ච චිත්‍රපටයක්ලු......ආවම බලමු ඉතින් ඒක එහෙමමද කියලා.

අශෝක්  Films වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදනය කරන RAAZ තිර රචනය ලියුවෙ ශේන් ආර්යන්  නිලාම් .

ඉතින් RAAZ  ට හුස්මක් දෙන්න නිමේෂ් එදිරිසිංහ ,සප්නා පාදුක්ක ,තත්සරණි පියුමි,පැතුම් රුක්ෂාන් ,නයෝමි තක්ෂිලා ,දුලීකා මාරපන ,මීනා කුමාරි,කුමාරි   මුණසිංහ ඇතුළු නළු නිළි සෙට් එකක්ම එකතු වෙනවා.......ඉතින් තිරයෙන් එහා මෙහා ඉඳන් RAAZ  එක්ක එකතු වෙන ඔක්කොටම ලස්සන දැනෙන චිත්‍රපටයක් සිංහල සිනමාවට තෑගි කරන්න ලැබේවා ....

....ඒ තමයි සාරවිට  සුබ පැතුම....