ලංකාවේ එකම ජාත්‍යන්තර රංග කලා උළෙලේ රස මතක

  • 17-09-2025
  • Views 39

 

Colombo International Theater festival


ඉතින්......ඒ රස බොහෝමැයි ..නාට්‍ය 25ක් ..ඔව් වේදිකා නාට්‍ය 25ක් බලලා විඳපු ඒ රස බොහෝමැයි ...ඔයා දන්නවද ඒ වේදිකා නාට්‍ය 25 මරදානෙ එල්ෆින්ස්ටන් රඟහලට අරන් ආවෙ ලංකාව, ඉන්දියාව , ග්‍රීසිය ,කොරියාව ,චීනය,ඉන්දියාව,ස්පාඤ්ඤ ,මෙක්සිකෝව  ,එක්සත් අරාබි එමීර් රාජ්‍ය ,ටියුනීසියාව වගේ රටවල් 14කින්...ඔයා  නොදැන ඉන්න විදිහක් නෑ ..ලංකාවෙ තියෙන එකම ජාත්‍යන්තර රංග කලා  උළෙල  Colombo International Theater festival  එක ගැන තමයි මම මේ කියන්නෙ..2012 දි එම් .සෆීර් නාට්‍යවේදියාණන් තනියෙන්ම පටන් ගත්ත එදා සෆීර් ගෙ  වේදිකා නාට්‍ය උළෙල වෙච්ච Colombo  International Theater festival  අද  වේදිකා නාට්‍යයට ආදරෙන් බැඳුණු ඔක්කොගෙම නාට්‍ය උළෙල වෙලා.....ඉතින් 11 වැනි වතාවටත් පවත්වපු Colombo  International Theater festival  ඉවර වුණා විතරයි..ඒත් තාම ඒ රහ උණුහුම්....

Colombo International Theater festival  අයිතිකාරයා එම්.සෆීර්ගෙන් දවසක් මම ඇහුවා දවසක හුස්ම යනකම්ම ඔයා මේ රංග කලා උළෙල පවත්වනවද කියලා..සෆීර් අමුවෙන්ම දුන්න උත්තරය මමත් අමුවෙන්ම ලියන්නම්..මොකද කපලා කොටලා අකුරු අමුණනවට වඩා ඒ අමු රහ මාර රහයි කියලා මට හිතෙනවා....

"ඇයි  බං එහෙම ඇහුවෙ ...මැරෙනකම්ම ද මම දන් නෑ .ඒත් මට පුළුවන් තාක් මම මේක කරනවා..මුලදි මේක තනි පුද්ගලයෙක්ට පුංචි ආයතනයකට කරන්න ලේසි වැඩක් වුණේ නෑ ..පුදුම කට්ටක් කෑවෙ අනුග්‍රාහකයො හොයා ගන්න .ලක්ෂ 10,30 ,40 පාඩු වෙච්ච අවුරුදු තිබුණා...2012 ඉඳන් එක රංගකලා උළෙලක් ඉවර වුණාම දැන් ඇති අත් හැරලා දානවා කියලා හිතනවා .ඇත්තටම එච්චරකට මහන්සියි බං .ඒ වුණාට නාට්‍ය ගැන පපුව පලාගෙන එන ආදරය දැනෙද්දි ..නාට්‍යයට ආදරය කරන උන්ගෙ ආදරය ප්‍රතිචාර  දැනෙද්දි  ඒ ඒ රටවල් වලින් එන අයගෙ comment  ඇහෙද්දී අත හරින්න හිතෙන් නෑ බං..ඕනෑ දුකක් මට සතුටක් හිතෙනවා.....හැබැයි ලෝකයේ හොඳම රංග ශාලාවලට වේදිකා   නාට්‍ය අරගෙන ගිය ,ඒ රංග ශාලාවල නාට්‍ය බලපු ,වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලබන්න ඕනෑ ඇගයීම් සම්මාන ලබපු මට නාට්‍ය ගැන ආදරයක් මිස පිපාසයක් නෑ.....ඒ සෆීර් ය.

මේ සැරේ රංග කලා උළෙලේ දී විදේශීය නාට්‍යවේදීන් නාට්‍ය ගැන වැඩමුළු 16ක් පැවැත්වුවා.ජාත්‍යන්තර සම්මේලන දෙකක් , දේශීය සහ ජාත්‍යන්තර අභිනන්දන ඇගයීම් දෙකක් ,පොත් දොරට වැඩීම් වගේ කී නොකී හුඟාක් දේවල් එක්ක පැවැත් වූ  Colombo International Theater festival එකට  සමගාමීව හලාවත  සුදසුන රඟහලේදී සහ ඉන්දියාවෙ අසෑම්හි ශ්‍රිමන්ත ශංකර්දේවී රංග ශාලාවේදීත්  නාට්‍ය උත්සව දෙකක් පැවැත්වුණා ...ඔයා දන්නවද අභිනන්දන ඇගයීමේදී පිදුම් ලැබුවෙ උඩරට නර්තනයේ සහ බෙර වැයුමෙ රන්වන් මුද්‍රාවක් වෙච්ච ආචාර්ය රවි  බන්දු විද්‍යාපති සහ කොරියානු නාට්‍ය ආයතනයේ සභාපති Son Jeung woo ..කොරියාව එක්ක නාට්‍ය කටයුතු සඳහා  අවුරුදු තුනකට වලංගුවෙන  ගිවිසුමක් ගහන්නත් ඔන්න මෙදා සැරේ සෆීර්ට පුළුවන් වුණා....චීනයෙ ෂැංහායි නාට්‍ය ඇකඩමියෙ නාට්‍යයත් මරදානෙට අරන් ආව ,රටවල් 14 කින් විතර 60 කටත් වඩා මෙහෙට  ආව, ඒ ආව ආව අය තම තමන් වියදම් කරගෙන ආව  හින්දා  ලංකාවට ඩොලර් ටිකක්  උපයලා දුන්න   දායකත්වයත්  තිළිණ කරපු කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල  මට නම් හිතෙන්නෙ ඇත්තටම අගේ නොකර බැරි රස වැඩක්.බීපු තැඹිලි ගෙඩියෙ ඉඳන් ,ගිය ත්‍රීවිල් එකේ ඉඳන් ගෙවපු ගුවන් ටිකට් පතේ ඉඳන් ඒ ආව ඔක්කොගෙන්ම ඩොලරයක් හරි ආවෙ රටටනෙ කියන එකත් අනික් ඔක්කොම අස්සෙ අමතක කරන්න බැහැ.....

හරි. රස මතක අහුරු අහුරු ඉතුරු කරලා 11 වැනි Colombo International Theater festival  එකත් ඉවර වුණා ..12ත් එයි නොවැරදීම 2026 ට....ඒ ඔක්කොම අස්සෙ කියන්න හිතෙන තවත්  රහ දෙයක් තියෙනවා.....මම නෙවෙයි සෆීර් ම කියපුදෙන් ඒ ගැන....

කට්ටියටම ලංකාවෙදි ඇති වෙන්න කොස් ,දෙල් ,මඤ්ඤොක්කා  කන්න දුන්නා නේද ? 

මම Application  එකේම වාක්‍යයක් ලියුවා ශ්‍රී ලංකාවෙදි ඔබට ලැබෙන්නේ දේශීය ශ්‍රී ලාංකික කෑම.කියලා .ඒ කෑම රසයි  දැවිල්ලයි කියලත් කීවා..ඇත්තටම එයාලා පට්ට කැමැත්තෙන් කෑවා..අපි කන මිරිස් රහෙන් නම් 25%ක් වගේ එයාලට දැවිල්ල දුන්නෙ.කොස් ,දෙල් 
,මයියොක්කා  ,පොල් සම්බෝල බත් ඔන්න ඔය වගේ ගමේ කෑම  තමයි වැඩිපුර  කන්න දුන්නෙ.මගෙ වයිෆ් සහ අක්කලා තමයි ගෙදර උයලා කන්න දුන්නෙ ..දවල්ට සීයකට රෑට   එකසිය විස්සකට විතර ගෙදර ඉව්වා හැමදාම..........

 ඇත්තටම Colombo International Theater festival  කියන්නෙ වේදිකා නාට්‍ය යන ශානරයෙන් රටවල් ගණනාවක් අබිමුව අපේ රට එකොළොස් වසරක් තිස්සෙ සුවඳවත් කළ ලස්සන වැඩක් කීවොත්  මම හිතන්නෙ මම හරි