සිග්නීස් රාත්‍රියේදී බැබළුණු හොරා අංකල්

සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස නුදුරේදීම සිනමාවට එක් වන්නට ලක ලෑස්ති වෙන සමන් අලංකාර කියන්නෙ චිත්‍රපට කිහිපයකම නිෂ්පාදකවරයෙක්. වේදිකාව ,සිනමාව,
ටෙලිනාට්‍ය යන මාධ්‍ය ත්‍රිත්වයේම නළු භූමිකාවට පණ පෙවූ කලාකරුවෙක්.
ලංකාවේ ළමා චිත්‍රපට නිෂ්පාදනය වීම සුලභ නොවන යථාර්ථයක් තුළ මෙන්ම ළමා මානසිකත්වයට ගැලපෙන ප්‍රස්තුත කේන්ද්‍රීයව ළමා චිත්‍රපට නිෂ්පාදනය ඉතාමත් විරල රටක ළමා මනෝවිද්‍යාත්මකව දරුවන්ට ඉතා යෝග්‍ය ප්‍රස්තුතයක් පාදක කරගෙන නිර්මාණය කළ හොරා අංකල් ළමා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන්නේ සමන් අලංකාර සහ ආචාර්ය සුමින්ද ලොව්. මහේන්ද්‍ර පෙරේරා ,දුලානි අනුරාධා,ජනක් කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ ඇතුළු නළු නිළි කැලක් රඟන ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කළ හොරා අංකල් යනු සැබැවින්ම දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය වූ දරුවන්ට ලෝකයට ආදරය කිරීමට උගන්වන දරුවන් සේම මව් පිය ගුරුවර වැඩිහිටියන්ද නැරඹිය යුතු
ප්‍රශංසනීය සිනමාමය ගෞරවයට ලක් කළ හැකි චිත්‍රපටයක්. මෙවර සිග්නීස් සම්මාන උළෙලේදී හොරා අංකල් ළමා චිත්‍රපටයේ රඟපෑ Senulya Danthanarayana ළමා නිළියට සිය රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් හිමි වුණා.
දැනට ලංකාවේ පාසල් පුරා තිරගත වන හොරා අංකල් ළමා චිත්‍රපටය ලබන වසරේදී විදේශ රටවල් කිහිපයකද ප්‍රදර්ශනය සඳහා රැගෙන යාමට සූදානම්.
ඉතින් සිග්නීස් කුසලතා සම්මානය වෙනුවෙන් සාරවිට අපේ සුභපැතුම්




