මාත්‍රා ලංකාවෙන් එහා ලෝකයටම ගෙනියනවා


ලයිසියම් දූ පුතුන් 750 කගේ එකතුවෙන් දිගහැරෙන වර්ණවත් නර්තන ,වාදන ,සංගීතමය ප්‍රාසාංගික හැන්දෑව මාත්‍රා...
දිනය : 2025 .10.11
වෙලාව : හවස 4.02 සහ හවස 6.58
තැන : කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
ඉතින් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නිර්මාතෘ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරුගෙ සංකල්පයක් අනුව තමයි මාත්‍රා ලයිසියම් තුරුල්ලෙ ඉපදෙන්නෙ
ආචර්ය මොහාන් ලාල් ග්‍රේරු මාත්‍රා ගැන සාරවිටට කීවෙ මෙහෙම දෙයක්.....
සෞන්දරයෙන් දුරස් කරලා දරුවන් කවදාවත් අධ්‍යාපනය තුළ විතරක් කේන්ද්‍රගත නොකළ යුතුයි.අපි ලෝකයට දිය යුත්තෙ ලෝකයට ආදරය කරන මනුෂ්‍යත්වයෙන් පොහොසත් සංවේදි දරුවන්..මාත්‍රා සංකල්පය 2008 මම පටන් ගන්නෙම එහෙම අරමුණක් එක්ක....මේ දරුවන් මාත්‍රා ප්‍රසංගය තුළින් ලංකාවෙන් එහා ලෝකයටම ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය දැන් මට තියෙනවා
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රසික කොතලාවල මාත්‍රා ගැන කීවෙ මෙහෙම දෙයක්...
මෙවර මාත්‍රා තේමාව ස්ත්‍රිත්වයේ විවිධත්වය සංස්කෘතිමය නර්තන රිද්මයට එකතු කිරීමයි.මේ දරුවන්ගෙ හැකියාවන් මම ගුරුවරයෙක් ලෙස විඳින්නෙ පුදුම සතුටකින්.
සාම්ප්‍රදායිකත්වයට නවීනත්වයත් මුසු කරමින් තමයි මාත්‍රා නිර්මාණය වෙන්නෙ. මෙවර මාත්‍රා නරඹන්න විදේශීය තානාපතිවරුන් කිහිප දෙනෙකුත් පැමිණෙනවා.ගුරුවරුන් මව්පියන් දරුවන් වගේම විශේෂයෙන් නීශා කොතලාවල ලයිසියම් සංස්කෘතික නර්තන අංශයේ ප්‍රධාන සම්බන්ධීකාරකතුමිය වශයෙන් අපිට ලොකු සහායක් දෙනවා.......
ඉතින් www.lyceum.lk /maathra වෙබ් අඩවියෙන් සහ 0777 838877 දුරකථනයට කතා කරමින් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන මාත්‍රා විඳගන්න ඔබ සපැමිණෙනවානම් ඒ දරුවන්ට එය සතුටක් සේම ශක්තියක් වේවි...
මාත්‍රා -ඔබට සාරවිට සුබ පැතුම්


