ඉෂිතා අම්මාට දැන් ඇත්තටම දරුපැටවු දෙන්නෙක්
දිව්‍යංකා ත්‍රීපති ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ළංවුණේ රූපවාහිනී තිරය ඔස්සේ ඉෂිතා අම්මා විදිහට.ඒ ඉෂිතා අම්මා දැන් ඇත්තටම අම්මා කෙනෙක් එක දරු පැටියෙක්ගෙ නෙවෙයි නිවුන් පුතුන් දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක් ඒ නිවුන් පුතුන්ගේ ඡායාරූප මුල්වරට ඒ ආදරණීය අම්මා සමාජමාධ්‍යයට එකතු කරලා තිබුණා මේ දවස්වල ඒ පින්තූර සමාජ මාධ්‍ය තුළ ඇත්තටම හරිම ආදරණීය අවධානයක් දිනාගෙන තියෙනවා .
ඔයාට මතකද එයාව.
‘යේ හේ මොහොබ්බතීන්’ ටෙලි නාට්‍ය මාලාව ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් අතර ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ “ඉෂීතා” ලෙසයි.
එම ටෙලි නාට්‍යය අවසන් වී වසර ගණනාවක් ගෙවී ගිහින්.ඒත් දිව්‍යංකා කෙරෙහි ඇති ප්‍රේක්ෂක ආදරය තවමත් හරිම උණුසුම් .ඒකට හොඳම උදාහරණය තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට ලැබෙන සුබ පැතුම්.
එක් සමාජ මාධ්‍යයක ඇය ගැන මෙහෙම සටහන් වී තිබුණා.
"තිරයේදී “ඉෂීතා” ලෙස දැක්වූ මාතෘත්වයේ චරිතය සැබෑ ජීවිතයේද අත්විඳිමින් සිටින ඇය, තම දරුවන් දෙදෙනා සමඟ නව ජීවිත පරිච්ඡේදයකට පිවිස ඇත.
මේ අවස්ථාවට රසිකයින්ගෙන් ලැබී ඇති ප්‍රතිචාර අනුව, එය ඔවුන්ගේ ආදරයට හා බලාපොරොත්තු වලට සතුටුදායක මොහොතක් වී ඇති බව පෙනේ.
දිව්‍යංකා ත්‍රීපති මේ වන විට රංගන කටයුතු අතරතුර තම පවුල් ජීවිතයද සමබරව ගත කරමින් සිටින අතර, ඇයටත් ඇගේ දරුවන්ටත් රසිකයින්ගෙන් සුබ පැතුම් දිගින් දිගටම ලැබෙමින් පවතී."
ඇත්තටම ඇය හරිම ආදරණීය ගැහැනියක් සහ මවක්.............

