ඉසුරුට බුලත්විට නැතුවම බැරිවුණාලු
ඉසුරු ලොකුහෙට්ටිආරච්ච් කියන්නේ තරින්දි ප්රනාන්දුගෙ හිටපු පෙම්වතා. ඒ පෙම් පලහිලව්ව හැමෝම දන්න එකක්. ඒත් ඒක නොහිතුව වෙලාවක කැඩිලා බිඳිලා ගියා .
දැන් තරින්දිටත් පෙම්වතෙක් ඉන්නවා.ඉසුරුටත් පෙම්වතියක් ඉන්නවා. ඉසුරු පෙම්වතියගෙ නහය කැඩෙන්න ගහලා ඒ ලව් එකත් ඉවරයි කියලා නහයෙ සීන් එකෙන් බුකිය ඇවිළුනත් දැන් ඒ ඔක්කොම අවුල් වියවුල් ඉවරයි. මොකද ආයෙත් දෙන්නා රැල්ලයි වෙරළයි වගේ Happy එකේ ඉන්න හින්දා.
මේ දවස්වල ඉසුරු ගැන කතාවෙන්නෙ ඔය නහය සීන් එකෙන් නෙවෙයි . ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සූරිය සුළඟ චිත්‍රපටය හින්දා.
ඇයි ඒ ?
"මම හිතාමතාම කැත වුණා... බුලත්විටට ඇබ්බැහි වුණා!"රංගන ශිල්පියෙක් කොයි වෙලෙත් කැමති ලස්සනට කැපිලා පේන්න ඉන්න., ඒත් මේ මේ චිත්‍රපටය වෙනුවෙන් හිතාමතාම මම රූපය වෙනස් කරගත්තා. මගේ රංගන ජීවිතය ඇතුළේ මාව හරීම ලස්සනට කැත කරපු චරිතය තමයි මේ...
ඒ විතරක් නෙවෙයි
මේ චරිතයට උපරිමයෙන් සාධාරණයක් ඉටු කරන්න ගිහින් ඉසුරුට ලොකු අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
"මේ චරිතය කරන්න ගිහින් මාසයක් පුරාවටම මම බුලත්විට කෑවා. කටේ ඒ පාට හරියටම ගන්න ඕන නිසා හුණු, දුම්කොළ එක්කමයි කෑවේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම බුලත්විට කන්න ඇබ්බැහි වුණා. ලොකුම අභියෝගය ආවේ ඩබින් කරද්දී. බුලත්විට කන ටෝන් එකෙන්ම ඩබින් කරන්න ඕන නිසා, ඩබින් ඉවර වෙනකම්ම මට බුලත්විට කන්න සිද්ධ වුණා..."
"මට පෙම්වතාගේ රූපය කොහොමත් තිබුණේ නෑ. ඒ නිසා මට හැම චරිතයක්ම කරන්න වුණා."
හැබැයි හුගාක් අය වගේ සාලෝන් ගිහින්, ජිම් ගිහින් ඇඟ හදාගෙන බොරු ශෝ දාන පිස්සුවනම් එයාට තිබුණෙ නෑ. ඉසුරු කළේ රංගනය හැදෑරීමයි.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඩිප්ලෝමාවක් කරලා, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් අරගෙන ඉසුරු අද රංගනය තුළා ඕනෑම චරිතයකට හුස්මත් දෙන්න පුළුවන් ප්‍රබල "චරිතාංග නළුවෙක්" බවට පත්වෙලා ඉවරයි.
