
දැන්නම් සංගීත් එයාගෙ ආදරණීය බිරිඳට කොහෙදි කතා කරත් කතා කරන්නෙ මගෙ මැණික කියලා.ඒත් ඒ මැනික ඉස්සර සංගීත්ට පේන්න බෑලු....
" ඉස්සර නම් මට දිනීව පේන්නත් බෑ, දිනීට මාව පේන්නත් බෑ.. ඒත් අද මං මේ තැනක ඉන්නේ ඇය නිසා.
දිනී මගෙන් යැපෙන්නේ නෑ. මට හම්බවෙනකොටත් එයා හොඳට ඉගෙනගෙන, තනියෙන් හොඳ රස්සාවක් කරලා එයාව හදාගත්ත කෙනෙක්.
එයා මාව තේරුම් ගන්න පුළුවන්, ඒ වගේම මගේ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එක උස්සලා තියන්න එයා නිරන්තරයෙන්ම උත්සාහ කරන කෙනෙක්.
ඉස්සර නම් මට දිනීව පේන්නත් බෑ, දිනීට මාව පේන්නත් බෑ. හැබැයි අද සන්ගීත් සතරසිංහ කියලා තැනක මං ඉන්නවනම්, ඒ ඉන්නේ මගේ මැණික හින්දා.
සැබෑ අවංක ආදරයකට මොනවද කරන්න බැරි?
