ඕනෑම බල්ලෙක්ට පූසෙක්ට ගෙදර දොර අරින ගායිකාවක්
කලා ක්ෂේත්රයේ ඉන්න අය අතුරින් බල්ලන්ට පූසන්ට විතරක් නෙවෙයි ඕනෑම සතෙකුට හරි ආදරයෙන් කරුණාවෙන් සලකන තුන් දෙනෙක් තමයි මල්කාන්ති නන්දසිරි ,අනුරාධා නන්දසිරි සහ නිරංජලා සරෝජිනී කියන්නේ.
මහපාරෙ අතරමංවෙලා ඉන්න බලාගන්න කෙනෙක් නැති ඕනෑම පූසෙක් බල්ලෙක් ගෙදරට අරන් ගිහින් පවුලේ සාමාජිකයෙක්ට වගේ සලකන්න තරම් එයාලා හරි දයාබරයි.මනුෂ්‍යත්වයෙන් පොහොසත්.
ඒ වගේම තමයි ආගන්තුක සත්කාරයෙනුත්.ඒ ගෙවල්වලට යන ඕනෑ කෙනෙක්ට තේ කෝප්පයක් හරි ලැබෙනවා.
නිරංජලා සරෝජිනී එහෙම ආදරය කරපු එයාගෙ සුරතලෙක්ගෙ සමුගනිම ගැන මුහුණු පොතට එකතු කරලා තිබුණේ මෙහෙම සංවේදි සටහනක්.
"මගෙ බ්රවුනි පුතා අද අපිව හැරගියා
මහපාරෙ අතරමංවෙලා හිටිය ඔයාගේ අවසාන කාලේ මා ලගට අරගෙන හොද සැපට කාලා බීලා සතුටින් ,අවුරුද්ද කටත් වැඩි කාලයක් ,මා ලග හිටිය හැටි මට මතක් වෙනව. ..බ්රවුනි පුතේ මේ ආත්මෙන් මිදුනු ඔයාට හොද ආත්මයක් ලැබේවා!මගේ ප්‍රාර්ථනා එයයි.."
එහෙම තමා ආදරය.....දුඹුරු පාටින් ඉන්නෙ බ්රවුනි.බ්රවුනිගෙ පින්තූරය සහ එයා මිහිදන් කළ තැන පින්තූර හැරුණම අනික් පින්තූරවල ඉන්නෙ එයා ආදරය කරන අනික් බලු සුරතලුන්.
මිනිසුන් තමන් ඉදිරියේ සිටින අනෙකාටවත් ආදරය නොකරන බොහෝ තැන් මුණගැසෙන ලෝකයක සත්ත්ව කරුණාවේ මහිමය මේ විදිහට ඇත්තටම විඳින්න ලැබීම සතුටක්.......









