කෝච්චියෙන් ත්‍රීවිලරයෙන් ගමන් යන දිපිකා පදුකෝන්ට තවත් බබෙක්

  • 26-06-2026

දරුවන්ට ආදරය කරන්න

එහෙත් ඔබගේ සිහින සහ බලාපොරොත්තු ඔවුන්ට නොදෙන්න.

මක්නිසාද යත් ඔවුන්ට ඔවුන්ගේ ම සිහින බලාපොරොත්තු සහ අභිලාෂ ඇති හෙයිනි.

ඛලීල් ජිබ්රාන් කියන ලේඛකයා කියූ කතාව මේ මොහොතේ මගේ මතකයට නැඟුණේ දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගෙ දරුවා නිසා.

දීපිකා පදුකෝන් සහ  රන්වීර් සිං හම්බ කරපු විදිහට එයාලගේ දුවට පුංචි දුආ ට මොන සැපක් විඳින්න බැරිද? 

ඒත් ඒ පුංචි කෙල්ල හරි ආසාවෙන් කෝච්චියේ ත්‍රිවිලයේ ගමන් බිමන් යනවා.ඒ ගැන දීපිකාගෙ තාත්තා, දුආගෙ සීයා ප්‍රකට බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන් කියන්නත් මෙහෙම කතාවක් .

මගේ  මිනිබිරිය නිසා මම දැන්  ජීවිතේ අලුත්ම සතුටක් විඳිනවා . දීපිකා සහ රන්වීර් තමන්ගේ දුවව හදාගන්න විදිහ මම ගොඩක් අගය කරනවා. දීපිකා හැම වෙලාවකම දුව ළඟින්ම ඉන්නවා. රන්වීර් රූගත කිරීම් නැති හැම වෙලාවකම දුවගේ වැඩවලට උදව් වෙනවා. මේ දෙන්නා සැබෑවටම දුව වෙනුවෙන් කැපවුණු දෙමාපියන් . ඒ ගැන මට පුදුම ආඩම්බරයක් තියෙනවා.

තවත් රසවත් රහසක් තියෙනවා .පුංචි දුආ සාමාන්‍ය දරුවෙක් වගේ හැදෙනවා දකින්න පවුලේ අපි කැමතියි.ඒ නිසාම ප්‍රසිද්ධ අයගේ දරුවන්ට ලැබෙන්නේ නැති අත්දැකීම් ඇයට දෙන්න මගේ දුව සහ බෑණාඋත්සාහ කරනවා. ඇයව මෙට්‍රෝ කෝච්චිවල, ත්‍රීවීල්වල වගේම සාමාන්‍ය පාර්ක්වලත් එක්කගෙන යනවා .

දැන් පුංචි දුආ හරිම ඉක්මනින් ලොකු වෙනවා. ඇය ඕනෑම කෙනෙක් එක්ක හරිම සුහදව කතා කරන, ඕනෑම කෙනෙකුට ‘හෙලෝ’ කියන හුරතල් දරුවෙක්. දුම්රිය දෙස බලා සිටීමට වගේම ක්‍රීඩා කිරීමටත් ඇය දැන් ගොඩක් කැමතියි.

දීපිකා සහ රන්වීර් ඔවුන්ගේ දෙවැනි දරුවා ගැනත් දැන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. පහුගිය අප්‍රේල් මාසයේදී ඔවුන් ඒ ගැන සමාජ මාධ්‍ය හරහා රසිකයන්ට කියලාත් තිබුණා. ඉතින් මගේපුංචි මිණිපිරිය  දුආට තව නොබෝ දිනකින්ම නංගියෙක් හරි මල්ලියෙක් හරි ලැබෙයි.

ඉතින් ඉල්ලූ ජීවිතය දෝතට ලැබීම තරම් තවත් වාසනාවක් කොහෙන්ද?