කතා දෙකක් නෑ පවුලේ ඔක්කොටම Film එක ok

  • 08-04-2026


ලකයි -සිකයි ගැන නොදන්නේ කවුරුන්ද ? දැන් ලකාලා සිකාලා සුර දෙටුවෝ අරන් රට වටේ යන කාලෙ

ලකාගෙන් හෙවත් ලක්මාල්  වීරසිරිගෙන් එහෙම අහන්න අපට හිතුණා...


මුලින්ම සුර දෙටුවෝ  බැලුවේ මාධ්‍ය හිතවතුන් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ අය. ඒ අයගෙන් නම් ලැබුණේ ඉතාම හොඳ ප්‍රතිචාර. හැමෝම කියන කතාව තමයි බෝරිං නැතුව බලන්න පුළුවන් හොඳ බයිස්කෝප් එකක් කියන එක. දැන් පොදු රසිකත්වයට චිත්‍රපටය භාර කරලා නිසා දැන් බලාගෙන ඉන්නේ සිනමා ප්‍රේක්ෂකයින් කොයි විදියට ද සුර දෙටුවෝ චිත්‍රපටයට ප්‍රතිචාර දක්වන්නේ කියන එක අන්න  එහෙමයි ලකා කතාව පටන් ගත්තෙ

සුර දෙටුවෝ කියන්නේ පවුලේ සැමට නරඹන්න පුළුවන් සිනමා නිර්මාණයක්.ඒකෙ ආය කතා දෙකක් නෑ.
ලකයි සිකයි යුටියුබ් චැනල් එක බලන ප්‍රේක්ෂකයින් අපේ නිර්මාණ බලන්නෙම පවුල් පිටින්. අපි නිර්මාණ කරන්නෙත් පවුලේ සැමට එකට බලන්න හැකි නිර්මාණ. ඒ නිසා අපි සිනමාවට එද්දී අපිට ඉන්න රසිකත්වය රැක ගනිමින් ඒ අය වෙනුවෙන් කරපු නිර්මාණයක් විදියට අපි කළේ. ඒ නිසා බය නැතුව පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන්.

ලකාගෙ චූටි දූට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?කියලා නොඇහුවොත් ඇත්තටම අඩුවක්.

ඇත්තෙන්ම ඔව්. ඇයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවේවත් නැහැ මගේ චූටි දුව මේ තරම් හොඳට රඟපායි කියලා. මම හිතුවටත් වඩා හොඳට ඇය මේ චරිත කරන ආකාරය මම ශුට් එකේ දී පවා දැක්කා. අද ඒ බව පුළුල් තිරයෙන් බොහොම ආඩම්බරයෙන් මම බලනවා.