කෙල්ලෙක් නිසා ගායකයෙක් වූ ශනුද්‍රිගේ මහත්තයා

  • 13-05-2026

ලංකාවෙ මිනිස්සු දිනේෂ් ගමගේ හඳුනාගත්තේ ගායකයෙක් විදිහට.මේ දවස්වල දිනේෂ් මාතෘකාවක් වෙන්නෙ ශනුද්‍රි ප්‍රියසාද් එක්ක වෙච්ච විවාහයත් එක්ක.

ඔයා දන්නවද දිනේෂ් ගායකයෙක් වෙන්නෙම ඉස්කෝලෙ යන දවස්වල කෙල්ලෙක් ගැන හිතුණ ආදරයක් හින්දා.

ඒ ආදර කතාව ගැන මෙන්න මෙහෙම ලියවෙනවා.

අද අපි දකින මේ සාර්ථක ගායකයාගේ ගමන ආරම්භ වෙන්නෙ සීතල නුවරඑළියෙන්. නුවරඑළිය ශ්‍රීමත් ජේම්ස් විද්‍යාලයෙන් සහ ගාමිණී ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ දිනේෂ්, කුඩා කල සිංදු ඇසීමට ප්‍රිය කළත් කවදාවත් සංගීතඥයෙකු වීමේ හීනයක් නම් ඔහු තුළ තිබිල නැහැ.
නමුත් ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළේ පාසල් කාලයේ දිනේෂ්ගේ හිත ගත් ලස්සන ගැහැනු ළමයෙක්. ඉතින් තමන් හිතින් පෙම් කළ ගැහැණු ළමයගෙ අවධානය දිනාගැනීමට දිනේෂ් මුලින්ම ගිටාරය වාදනය කරන්න පුරුදු වුනා. පසුව තමන්ට ගායනා කිරීමේ හැකියාව ඇති බවත් හඳුනාගත් ඔහු, සංගීතය හදාරන්නට යොමු වුනේ තමන්ගෙ ප්‍රේමය ජයගැනීමේ එකම අරමුණින්. 8 වසරේදී ඇති වූ ඒ ආදරය දිනාගන්නට ඔහුට වසර දෙකක් බලා ඉන්න වුණත්, අවසානයේ 10 වසරේදී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් වෙනවා. ඉතින් දිනේෂ් සංගීතයේ පිහිටෙන් ඇගේ ආදරය දිනාගන්නවා.

කාලයත් එක්ක දිනේෂ් අද සංගීත ක්ෂේත්‍රයේ ඉහළම තලයක සිටියත්, ඔහුට සංගීතය හඳුන්වා දුන් ඒ ප්‍රේමවන්තිය අද ඔහුගෙන් ඈත්වෙලා. උසස් පෙළින් පසු ඔහු කොළඹට පැමිණීමත් සමඟ ඇති වූ කාර්යබහුලත්වය නිසා ඒ සුන්දර සම්බන්ධතාවයට සමුදෙන්නට ඔහුට සිදු වුණ.
පළමු ආදරය විතරක් නෙමෙයි ඔහුගේ ජනප්‍රිය ගීත බොහොමයකට පාදක වුනේ ඔහුගේම පෞද්ගලික ජීවිතයේ අත්දැකීම්. ඒ අතරින් 

තමරසා: දිනේෂ් පෙම්වතිය සමඟ දුරකතන ඇමතුමක සිටියදී ඇති වූ සිතිවිලි නිසා නිර්මාණය වූ ලස්සන සිංදුවක්. මෙහි ගී පදවැල් ලියවුනෙත් දිනේෂ්ගෙ අතින්. මේ ආදරවන්තියගෙ ඇත්ත නමත් තමරසා කියල තමයි අපිට නම් ආරංචි වුණේ.

දැනෙනා තුරු මා: මෙම ගීතයේ පද පේළි ලියවුනේ තම ආදරය බිඳී යාමට ආසන්න මොහොතක ඇයට යැවූ කෙටි පණිවිඩයක් නිසා.

 "දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්" යන පද පේළිය ඔහුගේම ජීවිතයේ හැඟීමක්. 

වැහි බිංදු වැටෙනවා නම්: මේ ගීතයත් ඔහුගේම නිර්මාණයක්. පදවැල් වගේම සංගීතයත් ඔහුගේම අතින් වුන මේ නිර්මාණ රසික හදවත් අමන්දානන්දයට පත් කළ, රසිකයින් එක රැයින් ආදරෙන් වැළදගත්ත නිර්මාණ බවට පත් වුනා.

"ආදරය නිසා ජීවිතය නාස්ති කරගන්න මිනිස්සු අතරෙ, දිනේෂ් ගමගේ කියන්නෙ ප්‍රේමය සහ විරහව තමන්ගෙ නිර්මාණශීලීත්වයේ ශක්තිය බවට පත් කරගත් සැබෑම දක්ෂයෙක්.

ඒ කතාව ලියැවිලා තියෙන්නෙ එහෙමයි.

ආදරය කියන්නෙ මහ පුදුම  දෙයක්.........
ආදරයට පුළුවන් වුණා කොල්ලෙක්ව රටම දන්න ගායකයෙක් කරන්නත්