කලා තරු එක්ක වැඩ කරන ශේනාල් දැන් අලුත් තැනක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපලාවන්‍ය යනු කලාවකි. මේ කලාව මැනවින් හසුරුවන්නට හැමෝටම නොහැකිය. මේ සඳහා හොඳ පළපුරුද්දක්.. අත්දැකිම්.. සමුදායක් වගේම මනා කැපවීමක්ද අත්‍යවශ්‍යයි. මේ සියලු දේ කැටි කර ගනිමින් දේශිය රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ නමක් හදාගත් තරුණ රුපලාවන්‍ය ශිල්පියෙකු අපට හමුවුණා. ඔහු නමින් ශේනාල් ද සිල්වා. මේ කතා බහා දිග හැරෙන්නේ ඔහු සමගය.

ශේනාල් දැන් ක්ෂේත්‍රයේ වැඩ කරන්න අරගෙන ලොකු කාලයක්?

ඔව්, මගේ මතකය හැටියට මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ ගෙවන්නේ මගේ දහතරවැනි වසර. මගේම කියලා සැලොන් එකක් පුංචියට පටන් ගත්තේ මීට වසර අටකට විතර කලින්. ඒ ගායන ශිල්පිනි අමිලා නදිශානි අක්කාත් එක්ක සම්බන්ධ වෙලා. මුලින්ම මේක කළුබෝවිල තිබුණේ පස්සේ කාලයත් එක්ක මගේ සේවය අවශ්‍යය පිරිස ගොඩක් වැඩිවුණා. ඒ හින්දා පැලවත්තේ මගේ සහෝදරිය දිනුෂා සිල්වා එක්ක මම සැලෝන් එකක් පටන් ගත්තා පස්සේ.

හැබැයි දැන් ශේනාල් අලුත් තැනක තමයි ඉන්නේ?

ඔව්. මීට සති කිහිපයකට පෙර මම කිරූළපන පාමංකඩ පාරේ රූවෙල්මා බ්‍රයිඩ්ල් හෝම් විදිහට අලුත් සැලෝන් එකක් පටන් ගත්තා. මේක මම පාමංකඩ පටන් ගන්න හේතුව තමයි කළුබෝවිල කියන්නේ මම උපන්ගම. ඉතින් ගොඩක් මම දන්න අය ඉන්නවා මේ අවට. ඉතින් ඒ අයගේ පහසුවටත් මගේ පහසුවත් බලලා තමයි මේ තැන පටන් ගන්න තිරණය කළේ.

ක්ෂේත්‍රයට ආපු විදහ මතකද?

ඒක අමතක නැහැ මට. ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පියෙකු වූ සමිර මධු කිදෙල්පිටිය තමයි මේ ක්ෂේත්‍රයට එන්න මුලින්ම ගුරුහරුකම් ලබාදුන්නේ. ඊට පස්සේ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ටොබී සැලෝන් එකට මම සම්බන්ධ වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මිෂෙල් උඩුගමගේව. මොකද, මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්නේ ඇය මට.  ඒ වගේම ගිතප්‍රිය සමරසිංහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා කෙනෙක්.

කලා තරු ශේනාල් එක්ක නිතර වැඩ කරනවා?

ඔව්, ගොඩක් අය මා සමග හිතවත්. ඒ වගේම මම කාලයක ඉඳලා විවිධ මාධ්‍යයන් සමග එකතු වෙලා වැඩ කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. නිරූපණ ශිල්පින් වන ඩයනා කේ හෙට්ටිආරච්චි, හෂිනි සැමුවෙල්, ශෙනුකි අනන්‍යා ඉඳලා කලා කේෂ්ත්‍රයට සම්බන්ධ වුණ විශාල පිරිසක් මා සමග වැඩ කරලා තියෙනවා. මගේ වැඩවලදී ගොඩක් වෙලාවට මට ඇඳුම් නිර්මාණය කරලා දෙන්නේ දිනේෂ් චතුරංග, මධු ලොකුගමගේ හා හංසන බ්‍රයිඩ්ල් හි හංසන අයියා. ඒ වගේම විශ්ව තරංග ඉඳලා මාත් එක්ක වැඩ කරන හැම ඡායාරූප ශිල්පියෙක්ම මේ වෙලාවේදී කෘතවේදිව මතක් කරන්න අවශ්‍යයි මට.

බුද්ධික සේනාධීර