ජූලි 7 මතක් වෙච්ච මීෂාගෙ කිරිබත් මතක සහ ජෝතිගේ සමුගැනීම
මම දන් නෑ ඒ ආදරණීය ගැඹුරු හඬට ආදරය නොකළ සහ ආදරය නොකරන කෙනෙක් ඉන්නවද කියලා.ඒ හඬ හරි ආදරණීයයි වගේම හරි ගැඹුරුයි.ලාංකික සිනමාව එදා මෙදාතුර වර්ණවත් කළ එකම පිරිමි හඬ පෞරුෂය ඒ හඬ පෞර්ෂයද හිතෙනවා.
පොඩ්ඩක් නැවතිලා දැන් ඉතින් කියවන්න.
මේ කිරිබත් පිගාන නෝනා නැන්දාගේ ගෙදරට දීලා එන්න ඉස්කෝලේ යන්න පරක්කු වෙනව කිව්වේ අපේ අම්මා උදේ හයයි ගානට වගේ. චොප්ප වෙන්න තෙල්ගාලා මගේ බකුසු කොන්ඩේ අපේ අම්මා තලලා පීරන්නේ එයත් ඒ ඉස්කෝලෙම උගන්නන නිසා වෙන්න ඇති. ඔන්න ඉතින් මම අර කිරිබත් පිගාන අරන් පඩිපෙලක් නැගන් වම්පැත්තේ දොරට තට්ටු කරා. කොහොමත් ආරියපාල මාමා එදා ඉදන් බිව්වේ ත්රී රෝසස්. දොර ඇරපු ගමන් දුම්කුඩු හෙප්පුව වගේ සුවදයි. මම අපේ ගෙදරින් පිගාන අරන් එද්දි ගුවන් විදුලියේ අමරදේව මාස්ටර් " සබ්බ පාපස්ස " කියනව වගේ ඇහුනා. මට මෙතනදී ඇහෙන්නේ වෙන දෙයක්. එච්.ආර් ජෝතිපාල මහත්මා ජීවිතෙන් සමු අරන්.
මට අද වගේ මතක මගේ චූටි මාමා. එයා තමයි අපිට ඒ කියන්නේ මන්ජුට මට ජෝති සින්දු රස වැට්ටුවේ. අපි හෙන පොඩි කාලේ. මතක අය ඇති ...ඒකාලේ ජෝති රාත්රිය.
මගේ චූටි මාමා ගාව ඒ සේරම පෝස්ටර් තිබ්බා. එයාගේ කැසට් කැබිනට් එක ජෝති එක්කම මිල්ටන් පෙරේරාගෙන් පිරිලා. මම ජූලියට ආසයි. ඒ මගේ උපන්දිනේ නිසා. ඒත් මම ජූලි 07 වෙද්දි දුකක් එනව. ජෝතිපාල මහත්තයත් අපෙන් සමුගත්තේ ජූලි හත. මගේ උපන්දිනෙත් ජූලි 07.
අවාසනාවට මට ජෝති උගන්නපු මගේ ආදර චූටි මාමත් දැන් ජීවත් වෙන්නේ නෑ.
මම එක ඉල්ලීමක් කරනව මගේ යාලුවන්ගෙන්. මට සුබ පතනව වගේම දැනට වසර ගනනාවකට කලින් අද වගේ දවසක අපෙන් වෙන්වුනු ඒ අමරණීය ගායකයා මතක් කරන්න කියලා....
මොකද අපි තාම ඒ රස හඩ රස විදින නිසා.......
ඉස්තුතී.......
ඉතින් ඒ ආදරණීයම සුගායනවේදී ගායකයා මේ භවයෙන් සමුගෙන ගොස් අදට 39 අවුරුද්දක් ගෙවී ගිහින් .
හුගාක් අය ඒ වෙනුවෙන් හුගාක් සංවේදී සටහන් තබා තිබුණත් අමුතුර රසක් වෑහෙන බස් වහරකින් ජෝති ගැන ලස්සනම සටහන තියලා තිබුණෙ කැමරාවෙන් ලස්සනටම චිත්ර අඳින මීෂා ගුණවර්ධන .
අද මීෂාගෙ FB එක පැත්තෙන් තත්ත්පරයකටවත් යන්න අමාරුයි .....ගඟක් ගලනවා වගේ උපන්දින සුබ පැතුම්
ජෝති ගිය දවසත් මීෂා මේ ලෝකෙට ආව දවසත් අවුරුදු දෙකක එකම මාසෙක එකම දවසක්.....
ඉතින් ජෝති වෙනුවෙන් සංසාර ප්රාර්ථනාවක් එක් කරන ගමන් ආදරණීයම මීෂා ඔබට ආශිර්වාදයක්ම උපන්දිනයකටත් සුබ පැතුම්
චිරං රක්ඛතු බෝ ආයු මැද

