
කැමරාවෙන් පින්තූර ගන්න හුඟාක් අයට පුළුවන් වුණාට කැමරාවෙන් පින්තූර අඳින්න ඉසියුම්ම වර්ණවත් හිතක් තියෙන ජායාරූප ශිල්පියෙක්ට ඇරෙන්න හැමෝටම බෑ.
මීෂා ගුණවර්ධන කියන්නෙත් එහෙම සෞන්දර්යාත්මක හිතක් තියෙන ශාස්ත්රීය කුලකයේ ජායාරූප ශිල්පියෙක්.
සයිමන් නවගත්තේගමගේ දියණියගේ පින්තූර එකතුවට ඔහු එක් කළ දිස්නය ඊට සුපැහැදිලිම සාක්ෂියක් .
ඒ ගැන මීෂා එයාගේම වචන වලින් මෙහෙම ලියලත් තිබුණා.
කියවන , කියවපු ඕනෑම කෙනෙකුට "නවගත්තේගම" කියන වාසගම හරි හුරැයි. ඒ සයිමන් මහත්තයා නිසා. සයිමන් ගේ සමහර ලියවිලි මගේ පින්තූර වලට යම් යම් බලපෑම් කරා කියලා මට හිතෙනව. ඒ රැඩිකල් සිතුවිලි වලට මම ඉස්සර ඉදලා ආස කරා. අපි සෑහෙන්න අදහපු චරිතයක්.ඉතින් මට ඒ පරම්පරාවේ පුරුකක් කැමරාවට අල්ලගන්න පුලුවන් උනා.මේ සයිමන් මහත්තයගේ බාලම දියණිය.
අයේශා......
Makeup- Yashodara Jayasekara
Lighting-Buddhima Jayasekara
Costume- Kanishka Sangabo Dias
Jewelry- Summer67
ඉතින් ස්තූතියි වගේම ආදරෙයි මීෂා බලන්න නෙවෙයි විඳින්න පින්තූර තෑගි කරනවට







