නවලෝකයේදී ලස්සනට පිපුණු ආනන්දනීය මානෙල්
ආනන්දනීය මානෙල් එක්ක අපි හම්බවුණේ නවලෝකෙ Auditorium හීදී... මානෙල් වානගුරු ආදරණීය කලා ශිල්පිනියගේ උපන්දිනය එදා...
ආනන්ද වික්‍රමගේ ට සහ මානෙල්ට මව් පිය උපහාර පුදන ළතෙත් හැඟීම ජනිත් ගෙ සහ සංකේත්ගෙ හිත්වල ලස්සනට ඉපදිච්ච ප්‍රතිපලය තමයි ආනන්දනීය මානෙල් මව් පිය උපහාර උළෙල ..එදා ඒ ලස්සන හැඟීම්බර හැන්දෑවට තරු හුඟාක් ඇවිත් හිටියා .අපි නොදන්නවා වුණාට මානෙල් -ආනන්ද පෙම් කතාවේ කපු නෝනා ශ්‍රියානි අමරසේන ...ශ්‍රියානි එදා රස කර කර ඒ පෙම් පලහිලව්ව දිග හැරියා..අන්තිමට ආනන්ද ව්ක්‍රමගේගෙන් ප්‍රසිද්ධියේම අහුව ප්‍රශ්නය තමයි සාර්ථක යුග දිවියේ රහස මොකක්ද කියලා..ආනන්ද දුන්න උත්තරේ මම හිතන්නෙ පිරිමි සංහතියටම වටිනා උත්තරයක්......
'"මානෙල් මොනවා කීවත් මම වෙලාවකට ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා......මොනවා කරත් වෙලාවකට පේන්නෙ නෑ වගේ ඉන්නවා.....තව වෙලාවකට මොකුත් දන් නෑ වගේ ඉන්නවා......."
එහෙම කීවට දෙන්නා පට්ට Love....ඒ වෙලාවෙත් හෙන කොමලෙ....කොහොම වුණත් ජනිත් -සංකේත් Respect ආ......අම්මට තාත්තට එදා දුන්න සතුටට සහ ගෞරවයට.........





















































