රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරන් ............
එහෙමත් නැත්නම්........
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුළ ඔබ ඉන්න ඇති
ඒ හින්දා යළි සෙනෙහේ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති......
එහෙම ගයපු ටී. එම් ගේ ගී සමුදාය තුළ අපි තවත් සහෘද වූ ගීතයක් තමයි පවනට සැලෙනා දොඹමල් සුවඳින්.
2025. ජනවාරි 18 තමයි ඒ ගීතය යූ ටියුබ් අඩවියට මුදාහැරියෙ.මේ වෙද්දි ඒ ගීතය නැරඹුම් වාර මිලියන 8ක් පහුකරලා.
ඒ ගී පද ලියුවෙ ධර්මසිරි බණ්ඩාරනායක .සංගීත නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හෘද සංවේදි වියෝමය ප්‍රස්තුතයක් මුල් කරගෙන තමයි ඒ ගීය ලියුවෙ.
ටී. එම් ගැයූ ගී අතරින් වැඩිම සමාජ මාධ්‍ය ආකර්ෂණය දිනා ගත් ගීතය තමයි ඒ.......
