පළමු Box Office තැබූ ඒ හඳ යළිත් පායයි

  • 30-03-2026
  • Views 13

සිංහල සිනමාවට අලුත් හඳක් පා යන්න යන්නේ.

හඳේ නම කැලෑ හඳ.

එන්න මාත් එක්ක ඇවිදින්න යන්න ටිකක් දුර අතීතයකට....

කියන්නකෝ ඔයා දන්නවද ඩබ්ලිව් ඒ .සිල්වා ගැන.එයා තමා මෙයා කැලෑ හඳ නවකතාව ලිව්වේ...ඒ නවකතාව ඇසුරු කරගෙන පළවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඒ. ඩබ්ලිව්. ජයමාන්න.ප්‍රධාන චරිත රඟපෑවේ ස්ටැන්ලි පෙරේරා ,රුක්මණී දේවි,.ඒ දවස්වල ඉන්දීය කාර්මික ශිල්පීන් පිරිසක් එක්ක මදුරාසි චිත්‍රාගාරවල තමයි කැලෑ හඳ රූගත කිරීම් කරලා තියෙන්නේ.

1953 මැයි 27 තිරගත වෙච්ච කැලෑ හඳ සිංහල සිනමා අහසම  හෙල්ලුවා. කොහොමද කියනවනම් Box Office  වාර්තා තැබූ පළමු සිංහල චිත්‍රපටය විදිහට නැත්නම් පළමු ලාංකික චිත්‍රපටය විදිහට සිංහල සිනමා ඉතිහාසයට සහ ලාංකික සිනමා ඉතිහාසයට එකතු වෙනවා.කැලෑ හඳේ ගීත දහයක්.
ඉතින් එක්තරා යුගයක සිනමාව හොල්ලපු කැලෑ හඳ ආයෙත් අවුරුදු හැත්තෑ තුනකට පස්සේ සිංහල සිනමාවට එක් වෙන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය සහ රයිගම් අධිපති රවී ලියනගේ නිෂ්පාදනයක් වශයෙන්.


කවුද ඉතින් රඟපාන්නේ

රවීන් කනිෂ්ක, දසුනි සිනේත්මා නෙතූ ගම්ලත්  සේමිණි ඉද්දමල්ගොඩ දුලීකා මාරපන ,කුමාර 
තිරිමාදුර ,ප්‍රදීප් 
රාමවික්‍රම,සැනට් දික්කුඹුර  ජයනි වීරසිංහ මේ වගේ කට්ටියක් තමයි  රඟපාන්නෙ  කැලෑ හඳේ. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය  මතකනේ දූස්රා  ආරන් ඇවිත් සම්මාන පිට සම්මාන ගත්ත චන්න දේශප්‍රිය . ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ,රවීන් කණිෂ්ක , ආදිත්‍යා 
වැලිවත්ත ගීත ගායනයෙන්, සසිකරුවන් මාරසිංහ නාද සැලසුමෙන් නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකාරීත්වයෙන් සරත් සේනාරත්න සහය අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වන කැලෑ හඳේ අංග රචනය ප්‍රියන්ත දිසානායකගෙන්.

නුදුරේම සිනමා අහසේ පායන කැලෑ හඳට සාරවිට සුව පැතුම්