මගේ සින්දුවලට අත තියන්න තහනම්

  • 08-07-2026

මේක නම් සාපයක් කියලා හිතෙන තරමට සින්දු කන්නන් දැන් හතු පිපෙනවා වගේ හතර දිශාවෙන් මතුවෙනවා.සින්දුවේ අයිතිකාරයෝ පැත්තක ඉද්දි එහෙන් මෙහෙන් ක්ෂේත්‍රය ට ආපු සීන්කෝන් කිසිම සදාචාරයක් නැතිව අනුන්ගෙ ගීත තමන්ගෙ කරගන්නවා.

ඒ ගීත ස්ටේජ්වල කියන්න ලක්ෂ ගණන් ඉල්ලනවා.අනුන් ලක්ෂ ගණන් වියදම් කරලා හදපු ගී වලින් මෙයාලා ලක්ෂ ගණන් උපයාගන්න මාර try එකක් දෙනවා.

ඒ අල්ල පනල්ලේ ප්‍රවීණ ගායක ෂර්ලි වෛජයන්ත එයාගේ ගීතවල අයිතිය වෙනුවෙන් මෙහෙම හඬනගලා තිබුණා.

මගේ ගීතවලට හානි කරන්න එපා මේක මම මට ඇත්තටම ආදරය කරන රසිකයින්ගේ ඉල්ලීම මත ගත් තීරණය ක්.

මගේ අවසරයකින් තොරව මගේ  ගීත කිසිවක් AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ගායනා (AI Covers), AI හඬ අනුරූ, රීමික්ස් (Remix), කවර් වර්ෂන් (Cover Version), කොපි කිරීම, රී-අප්ලෝඩ් කිරීම, එඩිට් කිරීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් භාවිත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදාහැරීම සිදු ආයෙ කරන්න බෑ.

මගේ  ගීතවල මුල් ස්වරූපය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රසිකයින්ගේ ආව හුගාක්  ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් තමා  මම මේ තීරණය ගත්තෙ.

සින්දු කන්නන් වෙනුවෙන් මෙහෙම තීරණයක් ගත්ත එක ගැන ඇත්තටම සතුටුයි