මහාචාර්ය ඇසින් රස විඳි බර්ට්‍රම්ගේ ’’දරි ’’

සම්,මස් ,ලේ,නහර ,
ඇටමිඳුළු විනිවිද ඉසියුම්ම ප්රකම්පනයකින් ආත්මයටම ආමන්ත්‍රණය කරන අමුතුම අපූර්ව මාධ්‍යයක් තමයි සිනමාව කියන්නේ.
මනෝ විද්‍යාව පිළිබඳව ජ්‍යේෂ්ඨ මහාචාර්ය Mental Health campus හි කළමනාකර අධ්යක්ෂ ඥානදාස පෙරේරා ඇඳුරාණන් මේ සටහන තියලා තිබුණේ මනෝවිද්‍යාව සහ සිනමාව පිළිබඳව යි.සටහනට පාදක ප්‍රස්තුතමය නිමිත්ත වී තිබුණේ කලාවේදී බර්ට්‍රම් නිහාල් ගේ සිනමාමය කාව්‍යයක්
සිනමාව පිළිබඳ මනෝ විද්‍යාව
ආචාර්ය බර්ට්‍රම් නිහාල් මහතාගේ දරි චිත්‍රපටය නරඹීමට ආරාධනා කිරීම පිළිබඳව ප්‍රථමයෙන් ස්තුතිය පුද කරමි.
මිනිසාගේ මානසික ජීවිතයට සිතුවිලි හැඟීම් සහ හැසිරීම් ඇතුළත් වේ.

අපගේ හැසිරීම් හෙවත් චර්යාව පාලනය වන්නේ සිතුවිලි සහ හැඟීම් මගින්ය .
සිතුවිලි විචාර සහ අවිචාර වශයෙන්ද යහපත් සහ අයහපත් වශයෙන්ද වර්ග කළ හැකිය. ලෝභය, ද්වේශය, මෝහය පදනම් කරගෙන අවිචාර සිතුවිලි ඇතිවෙයි. ඒ මත මායා සහ බ්රාන්ති ඇති විය හැකිය. එය පදනම් කරගෙන බිය,දුක, කෝපය ඇතිවේ.
බිය නිසා කාංසාවත්, (Anxiety ), දුක නිසා විසාදයත්(Depression ) කෝපය නිසා පොදු මානසික ව්‍යාධියත් ඇතිවිය හැකිය.
මෙම චිත්‍රපටයේ තිලකසිරිගේ චරිතය තුළින් මේ සියලු මනෝභාවයන් ප්‍රකට වෙයි.
බිය, සැකය ,වෛරය මිනිස් සිත වෙලා ගත් සෘණාත්මක දේවල්ය.
එය මානසික ව්‍යාධියක් දක්වා වර්ධනය වූ විට නින්ද නොයාම වික්සිප්තභාවය,නොසන්සුන්කම. දැඩි කලකිරීම,අවධානය නාභිගත කිරීමේ ගැටලුව, ස්වයං. ගෞරවය බිඳවැටීම දක්නට ලැබෙයි.
මිනිසෙක් ඝාතකයෙක් බවට පත් වන්නේත් ,ඝාතකයෙක් අසරණයෙක් බවට පත්වන්නේ
විචාර සහ අවිචාර සිතුවිලි මගින්ය.
ජීවත්වීම යනු නොකළ වරදකට දඬුවමක් ද වේ.
මිනිසුන් ජීවිතයට සාප කරන්නේ එක් මොහොතක් පමණි.
සැපත සපතක් වශයෙන් පෙනෙන්නේ ඒ කරා ළඟා වෙනතුරුද පමණි.
සැපත ලැබූ පසු තමා බලාපොරොත්තු වෙන සැපත එම සැපත තුළ නොමැත.
තිලකසිරිගේ බිරිඳ තුළින් ඒ බව ප්‍රකාශ වේ.
එමෙන්ම තිලකසිරිගේ චරිතය තුළ විශාද රෝගී ලක්ෂණ ඉතා සාර්ථකව පිළිබිඹු වෙයි.
රාගය ප්‍රේමය තුළ සැඟවූ වෛරය ඉස්මතු වීම ඝාතනයටත්, දිවි හරණයටත් හේතු විය හැකිය.
සොම්නස පාදක වූ ජීවිතයේ අර්ථය කුමක්ද යන ප්රස්තුතය සාන්දෘෂ්ටික මනෝවිද්‍යාඥයින්ගේ හරය වන අතර මෙම චිත්‍රපටියේ සාන්දෘෂ්ටික මනෝවිද්‍යා චින්තනයද ගැබ්ව ඇති බව ප්‍රකට වේ.
තමන්ට තමන්ව අමතක වීම ස්වයං අවබෝධය හා අනෙකා අවබෝධ කර ගැනීමේ නොහැකියාවන් මත නොයෙක් අපරාධ සිදුවෙයි. මොහොතක් මොහොතක් පාසා සිත ක්‍රියාත්මක වන ආකාරය පිළිබිඹු වන මනෝවිද්‍යාත්මක චින්තනයත් අපරාධ මනෝ විද්‍යාවත් මෙම චිත්‍රපටය තුළින් ඉතා සාර්ථකව ගැබ් වීම සතුටට කරුණකි.
මනෝ විද්‍යා සාහිත්‍යයට දෘෂ්‍ය කාවක් වශයෙන් මෙම චිත්‍රපටය
ඉදිරිපත් වන බවත් , ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් නිෂ්පාදනය කළ ආචාර්ය බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට සුබ පැතුම් එක් කරමින් නිහාල් මහතාගේ කලා ජීවිතයට සුබ පතමි.
ඒ සුබපැතුම සැබැවින්ම ආශිර්වාදයක් වේවි.මක්නිසාද යත් චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තෝතැන්න වී නම් සිනමාව එහි රස සාර සරාගයක්ම වන හෙයිනි .

