ලොකුම කේක් ගොඩිය හදපු සංජානාගෙ මඟුල ඉවරද ?
....සංජානාගේ මඟුලත් ඉවරයි....
ඔස්ට්‍රේලියාවේ ඉන්න කොල්ලෙක් කසාද බැන්ද නිළියක් වෙච්ච සංජානා ගමාරච්චිගේ මඟුල හබක් කියන කතාව එහෙන් මෙහෙන් හැම තැනින්ම එන්න පටන් ගත්තා. මාස ගණනක් මම ඔස්ට්‍රේලියාවේ හිරවෙලා හිටියා. මට දැනුණා මම හැම දේකින්ම ඈත් වෙලා කියලා... මගේ රංගන කටයුතු මගේ බිස්නස් හැමදේම down වෙනවා වගේ මට දැනුණා....දවසක් සංජානා ඔය විදිහට කිව්වේ you tube සාකච්ඡාවකදී....මඟුලේ කතාව ගැන අහන ප්‍රශ්න වලට සංජානා දුන්න උත්තරේ එයාගෙම වචන වලින් කියනවා නම්
"අපි කෙනෙක්ව අද තෝරා ගන්නවා. එතකොට අපි හිතනවා මෙයා තමා මුළු ජීවිතේම වෙනස් කරන්නේ කියලා. මෙයා තමයි හැමදේම කියලා. සමහරවිට විවාහයෙන් පස්සේ ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ෆීල්ඩ් එකේ ගත්තොත් නළු නිළියන් ගත්තොත් වෙඩින් එකක් අරගෙන මිනිස්සු අතරට යන ප්‍රමාණය වැඩියි නේ. හදිස්සියෙන්වත් ඩිවෝස් එකකට යන්න වුණොත් කියන්නේ මෙයාට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ. මෙයා නිළියක්නෙ කියලා. හැබැයි නිළිය හොඳට ඉඳලා සැමියා හොඳට ඉන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු දකින්නේ කාන්තාවන්ගේ වැරදි විතරයි. සමහරු සමාජයට පේන්න කසාද බැඳලා කෙල්ලන්ගේ ජීවිත විනාශ කරනවා. මම කෙල්ලෙකුට ආසයි නම් කවදාක හරි පිරිමි එපා වුණොත් ගැහැනු කෙනෙක් බඳින්න පුළුවන්. සමාජය මොනවා කිව්වත් මම ලෙස්බියන් කියලා කිව්වත් මට අදාල නෑ...
එහෙම කිව්ව සංජානා තවමත් විවාහය ඉවරයිද නැද්ද කියන එක ගැන කෙලින් උත්තරයක් දුන්නේ නැහැ
සංජනා දික්කසාද ද ? නැද්ද? කියන කතාව ඇදෙන වෙලාවෙ සංජානාගේ Bride to be Event එක ගැන මතකය අවදි නොකර ඉන්නත් බෑ.මෙච්චර කාලෙකට Bride to be event එකකදි හැදුව ලොකුම කේක් ගෙඩිය හැදුවෙත් සංජානා ගේ Bride to be Event එකට.ඒ වගේම මෙච්චර කාලෙකට ලංකාවෙ තිබ්බ ලොකුම Bride to be event එකත් සංජානාගෙ.
දැන් කසාදෙ ගැන මොනවා කීවත් එදා සංජානා එයාගේ ජීවිතේට ආව විහඟ ගැන කීවේ මෙන්න මෙහෙම කතාවක්.
"දැනට මට ලැබුණු හොඳම හමුවීම තමයි මේ. හැබැයි අනාගතය ගැන මම කියන්න දන්නෙ නෑ .මොකද අනාගතයේදී මොකක් වෙයිද කියන එක මට දැම්ම කියන්න බැහැ. ඒ නිසා මම ගෙවන මේ මොහොත සතුටින් ඉන්න තමයි මම උත්සාහ කරන්නේ."
එදා විහඟ කිව්වේ " මම නම් ඇරයුමක් ලැබුණත් කවදාවත් කලාවට එන්නේ නෑ. මගේ බිස්නස් බලාගෙන මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවාකියලයි. ඒත් සංජානා කිව්වේ එයා එයාගේ ව්‍යාපාර කරගෙන දිගටම ලංකාවේ ඉන්නවා කියලා..
...අවුල පටන් ගත්තේ එතැනින්ද කොතනින්ද කියන්න අපි දන්නේ නැහැ....



