ෂාරුක්ගේ බිරිඳ වින්ඳ දුක් ලෝකයටම කියයි

  • 24-06-2026

"මම ෂාරුක් එක්ක විවාහ වෙනකොට මට අවුරුදු 21 යි.  අපේ විවාහයට අපේ දෙමව්පියන් කැමති කරවගන්න ගොඩක් අමාරු වුණා. මොකද ෂාරුක් කියන්නෙ ඒ දවස් වල දුප්පත් කොල්ලෙක්. හැබැයි එයා හදවතින් හරිම පොහොසත් කෙනෙක් උනා. ඒකයි මම එයා මොන තත්වෙක හිටියත් එයාව කසාඳ බැන්දෙ. 

කොහොමහරි අපි විවාහ වුණාට පස්සේ මගේ අම්මා දවසක් ආවා අපිව බලන්න අපේ ගෙදර. එදා අපිට නිදා ගන්න හරියට ඇඳක්වත් ඉඳගන්න පුටුවක්වත් තිබුණේ නෑ. අම්මා ඇහුවා කෝ මේ ගෙදර බඩු මුට්ටු කියලා. ලැජ්ජාව සහ දුක හංගගෙන මම එතකොට කිව්වා තව ටික දවසකින් ගන්න ඉන්නේ අම්මේ කියලා. 

ඇත්තටම අපිට අපේ ගෙදරට ඕන කරන බඩු මුට්ටු ටික ගන්න අවුරුද්දක් ගියා. මොකද ඒ කාලෙ අපි ආර්ථික වශයෙන් ලොකුවට ශක්තිමත් වෙලා හිටියෙ නැති නිසා. ඒත් ඇත්තටම අද මට කියන්න සතුටුයි මුම්බායි වල තියෙන විශාලම නිවාස වලින් එකක් තියෙන්නේ අපිට.”

මේ කතාව මේ විදිහට කීවේ King Khan ගෙ බිරිඳ ගෞරී ඛාන් ......
අද King Khan කියන්නෙ බොලිවුඩයේ රජෙක් ....
දුප්පත් මිනිහෙක් රජෙක් වුණු ගමනේ අත් නොහැර අල්ලාගෙන සිටි ආදරණීයම විශ්වාසවන්තම ගැහැනු අතකුත් තියෙනවා
ඒ ගැහැනු අත නොවෙන්න  King Khan -King Khan නොවෙන්නත් තිබුණා.......

සැබෑ ආදරයට කළ නොහැකි කිසිවක්ම නොමැති වගට ගෞරිගේ මේ වචන එක් සාක්ෂියක් විතරයි