සෙවණැල්ලක් ලෙසින් සදිසි තමන්ගෙ ආදරණීය බිරින්දෑට තමන්ගෙ දරුවන් කුස දරා ලේ කිරි කර පොවා හැදූ තමන්ගෙ දරුවන්ගෙ අම්මට මොන පිරිමියෙක් වුණත් එයාගෙ උපන්දිනය දවසට හදවතින්ම Happy birthday කියනවනම් අපිත් ඒකට එකෙන්ම Respect ....
මේ ජැක්සන් ඇන්තනිගෙ මලයණ්ඩි අකිලගෙ සජිතගෙ මාධවීගෙ දාත් බාප්පා දෙවැනි ඉණිමෙන් රංගන ඉණිම සෙල්ලම් කරන්න පටන් ගත්ත සුදත් ඇන්තනී එයාගෙ ආදර මායියාට සුබ පැතුව හැටි
අද මගේ මායියගෙ උපන්දිනේ
ඉස්සර අපි එක ඉස්කෝලෙ,එකම පන්තියේ "මචං"ල.
ජීවිතේ "කට්ට" එකට කාපු, එකට ගොඩනැගිච්ච
දිරිය තරුණියක්, හිතවතියක්, පෙම්වතියක්, බිරිදක්, සහ මවක්, ඇය.
මගේ පොඩි අයියගෙන් පස්සෙ මාව හරියට කියවපු ඊළඟ කෙනා තමයි මෙයා.
ඉතින් "සුදේ" (Ramanie Chandrasekera)
නිරෝගී සම්පත් ලැබෙන සුබෝපන්දාවක් ඔයාට.




