සායා කොටු තුනක් පනී

  • 07-05-2026

ආහ්......මේ පනින්න හදන්නෙ සායාගෙ තුන්වැනි කොටුව......

තුන්වැනි කොටුව?

ඒ...ඒ කොටු නෙවෙයි මෙයාහ්....මේ මේ කොටු.....සායා කොටු කියලා වේදිකා නාට්‍යයක් කළා..නහුතෙට Hit වෙච්ච වේදිකා නාට්‍යයක් කළා..අර ආලකමන්දාවට අර අර කොටු පනින්න එන "කරහොපල් "  එක්ක හිටු කියලා ඔට්ටුවෙන ඉලන්දාරියා ඉන්න කොටු ...අන්න ඒ කොටු නාට්‍ය කළා......
දැන් ඒ කොටු චිත්‍රපටයක් වෙන්නයි යන්නෙ

චිත්‍රපටයෙ නමත් කොටු

මහාරාජා මාධ්‍යජාලය නිෂ්පාදනය කරන කොටු තිර රචනය සහ අධ්‍යක්ෂණය අසංක සායක්කාර ...

ඉතින් ඊට පස්සෙ ...
ඔව් ඉතින් ඊටපස්සෙ ඉන්නවා හැත්ත බුරුත්තක්....

කැමරාවෙන් සජිත 'ඇඳුමෙන් දේදුණු ,සංගීතයෙන් චින්තක,සහය අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් Double නාමල්,අංගරචනයෙන් මනනුවන් ,
සංස්කරණයෙන් ලක්රුවන්  ඒ නුවන්ලා මේනුවන්ලා අතරේ කලා අධ්‍යක්ෂණයෙන් සරත්චන්ද්‍ර 
මාධ්‍යගොය්යලා එකතු කිරිල්ලෙන් ඇන්ටන්. ජේ ඔන්න ඔහොම ලිස්ට් එකක නම් තියෙනවා තිරයෙන් එහා......

තිරයත් එක්ක හුස්ම ගන්න ඉන්නවා ඉසුරංග ජයකුමාර එක්ක තිස් දෙකක්

දත් තිස්දෙක වගේ එකක් නැත්තන් අනිකෙන් වැඩක් නැති ගාණට හොට් එකේ සෙට් එකේ සෙට් වෙන්න.....

ආලකමන්දාවම ගිනි තියපු
.........ඒ ගින්නෙන් ........සිරි වෙන්න අපිව හිනස්සපු
ආලකමන්දාවේ සුදු රෙදි හොරා හෙවත් කසුන්ගේ සංසිද්ධිත් එක්ක තව එක්ක අච්චාරු අලබෝල බූන්දි එකට ඇම්ණිලා චර වෙලා කරවෙලා කොර වෙච්ච පට්ටම story ක් මේක.....

ඉතින් අහන්න එපා බ්‍රෝ 

බලන්න එන්න

ආය දෙකක් නෑ වැඩි දොහක් යන එක්ක නෑ මයෙ හිතේ.....

කොටු පනින ගමන් 
කොටු නොපනින ගමන්
ඕනෑ සේලයක්
කොටු බලන්න එන්න ඈ
එද්දි කියන්නම්....

ආප්ප රෝස්පාන් පොල්රොටී දැවිල්ල සම්බෝල කිරි පරිප්පු රස සාර හැන්දෑවක් එක්ක
මුහුරත ඉවර වුණා ඉවරයි.....
මුහුරත මරු....ඔක්කොම මරු.....මරේ සරු.......

සායාගේ කොච්ච් මිරිස් සම්බෝල රහ කතාවක් එක්ක මුහුරතේ තව කෑල්ලක් තියෙනවා....

උන් කොටු පනින අතරෙ
පසුවට ලියන්නම් ඈ
ඉවසලා ඉඳින් ඈ.....

සුබපැතුම් සාගරේට ඈ.....