සුරම්‍යාට හුස්මක් දෙන්න එකතු වෙන්න
හීන්සීරුවේ තත්ත්පර ගෙවා දමමින් අද ඇය ජීවිතය වෙනුවෙන් හුස්මක් සොයයි.........

මේ ඔබ ඔබේ ආදරය ,රැකවරණය, දයාබරත්වය ඇයට තිළිණ කළ යුතුම මොහොතක්.......
ඔබට හැකිනම් ඇයට හෙට දවසෙත් ජීවත් වෙන්න......ඇය වෙනුවෙන් ඔබට කළ හැකි පුංචිම දෙයක් හරි කරන්න....
සිව් දශකයක් අපේ හදවත් සුවපත් කළ සුරම්‍යාට ජීවිතය දෙමු...
ජාතික රූපවාහිනිය, ගුවන් විදුලිය, ගීත රචනය සහ වාර්තා වැඩසටහන් ඔස්සේ දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත් ස්පර්ශ කළ ප්‍රවීණ මාධ්‍යවේදිනී සහ ගී පද රචිකාවියක වූ සුරම්‍යා මාපිටිය අද දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින්නීය. අක්මාව සහ වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් ඇයට හදිසි සැත්කම් අවශ්‍ය වී තිබේ. කලාවට සහ සමාජයට ජීවිතය කැප කළ ඇය වෙනුවෙන් අප සැම එක්ව අත්වැලක් වීමේ කාලය එළඹ ඇත. ජුනි 18 දින BMICH හි පැවැත්වෙන “කවි සමඟ ආදරේ – සුරම්‍ය ගී සමාධිය” ප්‍රසංගයට දායක වෙමින් හෝ ඔබට හැකි අයුරින් සහාය දක්වමු. ඇයගේ සිනහව නැවත අප අතරට ගෙන එමු.
+94 72 134 6914 -නලින් මාපිටියට ඔබට ඇය වෙනුවෙන් යමක් කළ හැකිනම් කතා කරන්න.
මේ ඇය වෙනුවෙන් බොහෝ සටහන් මුහුණු පොතට එක්වී තිබූ අතර මේ එක් සටහනක් පමණයි.
ආදරය යනු
මනුෂ්‍යත්වය යනු
පරිත්‍යාගය යනු............
නොඉල්ලමින් කිසිවක්ම හැකි දෙයක් වෙත්නම් නිර්ලෝභී සිතින් ප්‍රදානය කිරීමයි................
පුළුවන් නම් අද ඇය ගන්න හුස්ම හෙටත් ඇයට දෙන්න එකතුවෙන්න..........


