ආදරය කරන්න අපිට හරිම කෙනා ලැබෙන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ මාධ්‍ය ඔස්සේ නිතර කතාබහට ලක්වෙන යොවුන් නිවේදිකාවක් තමයි කවි වික්‍රමසිංහ කියන්නේ. ඇයගෙන්ද අපි මේ ආදරණිය දිනයේදි ආදරය ගැන විමසුවා. ඇය ඊට දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.

ආදරය.. විරහාව.. කියන එක මම හිතන්නේ කෙස් ගහක පරතරයක් තමයි තියෙන්නේ. හරි විදිහට හරි ආදරය හම්බ වුණොත් ආදරය තරම් සුන්දර දෙයක් තවත් මේ ලෝකේ නැහැ. ඒ වගේම ඒක අනිත් පැත්ත ආදරේ කියන දේ එපා වෙන්නේ අපිට ආදරය කියන වචනේට අපි වෛරය කරන්න පටන් ගන්නේ ආදරේ කරද්දි හරිම කෙනා අපිට මුණ නොගැහෙන කොට. ආදරය කියන දේ මම දකින විදිහට හරිම සුන්දරයි. තරුණ අපි විඳින්නම ඕනා දෙයක් තමා ආදරේ කියන්නේ. හැබැයි ඒක හරි කෙනාගේ හරි විදිහටම ලැබෙන්න ඕනා කියලයි මම හිතන්නේ.