
දාත් බාප්පා කීවම කලා ක්ෂේත්‍රයේ අයත් හුගාක් දෙනෙක් එයා කවුද කියලා දන්නවා.ජැක්සන් ඇන්තනීගෙ සහෝදරයා වෙච්ච එයාගෙ දරුවන් වෙච්ච සජිත අනුත්තර ,මාධවී වත්සලා අකිල ධනුද්ධර දුව පුතාලා නිසාම සුදත් දාත් වෙච්ච දාත් බාප්පාගෙ story ය කලා ක්ෂේත්‍රයේ හුඟාක් අය දන්න බව අපි දන්නවා.
දෙවෙනි ඉනිමෙන් පටන්ගෙන කලාවට සහ සිනමාවට තියෙන ආදරය නිසාම ඉතාලියේ ඉඳන් ලංකාවට ඇවිත් නැවතුණු සුදත් ඇන්තනී කියන්නේ ඇත්තටම සම්මානනීය නළුවෙක්.
මේ නළු බාප්පා දැන් කීප වතාවක්ම සීයා කෙනෙක් වුණා.මේ සීයට සමහරු ආදරයට සුදු සීයා කියලත් කියනවා.
අකිල නිසා එක වතාවක්,සජිත නිසා දෙපාරක් ,මාධවී නිසා එක් වතාවක් සීයා කෙනෙක් වෙච්ච මේ සුදු සීයා හැම වතාවකම එක එක විදිහට සීයා කෙනෙක් වීමේ සතුටත් සැමරුවා.
මාධවීගේ පුතා කෛලාශ් වඩාගෙන සුදු සීයා ගත්ත photo ටිකක් FB එකට දාලා තිබුණෙ
හපොයි මෙහෙමත් දඟ මල්ලක් කියලා......
බබාලා පුතාලා වෙද්දී අය්යලා සීයලා වෙනවා ඉතින්.....
අපේ ආදරණීය සුදත් ඇන්තනී ,සුදත් අය්යා ගැන අපිටත් එහෙම හිතුණා ඉතින්




