පිරිමියෙක්ට කසාද බඳින්න පුළුවන් ගැහැනියක් විතරද ?

ලෝකය හමුවේ එහෙම ප්‍රශ්නයක් ඉතුරු කරලා එක රටක එක මිනිහෙක් රයිස් කුකර් එකක් කසාද බැන්දා...
එහෙම මඟුලක් ලෝකයේ සිද්ධ වුණේ පළවෙනි වතාවට.....
කෝයිරුල් අනම් (Khoirul Anam) ජීවත් වෙන්නෙ ඉන්දුනීසියාවේ . සම්ප්‍රදායික මනමාලයෙක් විදිහට ලෑස්ති වෙලා එයා මඟුල් කන්න ලැස්ති වෙනවා.ඒ එයාගෙ ගෙදර රයිස් කුකර් එකත් එක්ක. . සුදු පැහැති වේලයකින් රයිස් කුකර් එක සරසලා ඔහු රයිස්කුකර් එකත් එක්ක විවාහ වෙනවා. මේ අපූරු විවාහයේ පින්තූර සමාජ මාධ්‍යයේ ලොකු මාතෘකාවක් වෙනවා.
Media වලට පට්ට News එකක් වෙනවා.
"ඇය" සුදුයි, කීකරුවෙයි, රසට බත් උයනවා!
ඒ තමා මේ මනමාලයා තමන්ගෙ මනමාලිය ගැන දීපු සහතිකය.
"ඇය හරිම සුදුයි, කතා කරන්නේ නැති නිසා මට දොස් කියන්නෙත් නැහැ, අනික මට ඕනෑම වෙලාවක රසට බත් උයලා දෙනවා"
කෝයිරුල් තමන්ගේ FB ගිනුමෙ එහෙම ලියුවා.
රයිස් කුකර් එක බදාගෙන හාදු දෙන පින්තූර දැම්මා.
ඒත් මේ කසාදය තිබුණේ දවස් 4 යි.
ක්ෂණික දික්කසාදයක් සිද්ධ වුණා.......
"ඇය බත් විතරයි උයන්නේ, මට කන්න ව්‍යංජන හදලා දෙන්නේ නැහැ"
ඒ තමයි දික්කසාදයට හේතුව......
මේක සැබෑ විවාහයක්ද? රහස මෙන්න:
කෝයිරුල් අනම් කියන්නේ කවුද ?
සෝෂල් මීඩියා ඔස්සේ හාස්‍යජනක සහ උපහාසාත්මක නිර්මාණ (Parodies/Pranks) කරන ප්‍රසිද්ධ Content Creator කෙනෙක්.
