පවනට සැලෙනා මිලියන 8ක් අහයි

  • 08-06-2026

රත්තරන් නෙත් දෙකින් 
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් 
නිවන්න රත්තරන් ............

එහෙමත් නැත්නම්........

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුළ ඔබ  ඉන්න ඇති
ඒ හින්දා  යළි සෙනෙහේ සිතින් අපි 
ආදරයෙන් හමුවෙන්න ඇති......

එහෙම ගයපු ටී. එම් ගේ ගී සමුදාය තුළ අපි තවත් සහෘද වූ ගීතයක් තමයි පවනට සැලෙනා දොඹමල් සුවඳින්.

2025. ජනවාරි 18  තමයි ඒ ගීතය යූ ටියුබ් අඩවියට මුදාහැරියෙ.මේ වෙද්දි ඒ ගීතය නැරඹුම් වාර මිලියන 8ක් පහුකරලා.

ඒ ගී පද ලියුවෙ ධර්මසිරි බණ්ඩාරනායක .සංගීත නිර්මාණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 

හෘද සංවේදි වියෝමය ප්‍රස්තුතයක් මුල් කරගෙන තමයි ඒ ගීය ලියුවෙ.
ටී. එම් ගැයූ ගී අතරින් වැඩිම සමාජ මාධ්‍ය ආකර්ෂණය දිනා ගත් ගීතය තමයි ඒ.......