මට ආදරේ කරන හැමෝටම මම පෙම්වතෙක්
දර්ශන් තවරාජා කියන්නේ නළුවෙක් ,නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ චිත්ර ශිල්පියෙක්.
දර්ශන්ගෙ පෙම්වතිය කවුද කියලා දැන් හැමෝම දන්නවා.ඒත් ඒ පෙම්වතියවත් දර්ශන්වත් අවුරුදු ගණනාවක් පුරා දිවෙන ඒ පෙම් කතාන්දරය ගැන තවම වචනයක්වත් කතා කරලා නම් නෑ.
මේ ළඟඳි එක්තරා වැඩසටහනකදී නිවේදකයා දර්ශන්ගෙන් කෙලින්ම ඇහුවා සැබෑ ජීවිතේදී තෝරගන්න වුණොත් දර්ශන් තෝරගන්නේ ‘රොන් සොයා’ එකේ හසරැලිවද, නැත්නම් ‘සෝණු මන්දාරා’ එකේ මන්දාරාවද කියලා.
එතකොට දර්ශන් දුන්නේ මෙහෙම උත්තරයක්.
"මම මන්දාරාගේ ලුක් එකට ගොඩක් ආසයි. නුවරඑළිය වගේ පරිසරයක හැදිච්ච, දිග කොණ්ඩයක් තියෙන කෙල්ලෙක්. මමත් වත්තක හැදිච්ච කෙනෙක් නිසා, මට මන්ධාරා පේන්නේ හරියට ‘Angel’ කෙනෙක් වගේ!
හැබැයි ඉතින් ගතිගුණ අතින් නම් දෙන්නම හොඳයි.
මෙතෙන්දි දර්ශන් මීට ඉස්සර කියපු කතාවක් මට මතක් වෙනවා.
මම කවදාහරි ආදරේ කරන්න කසාද බඳින්න කැමති මගේ Fan කෙනෙක්ව...
හැබැයි එහෙම කීවට දර්ශන් ආදරය කරන්න හොයා ගත්තෙ එයාගෙ රසිකාවියක්නම් නෙවෙයි ..

දර්ශන් මේ වෙද්දී පෙම්වතෙක්ද? ඔයා කැමති ඇත්තටම කොහොම කෙනෙක්ටද ?
මම හිතන්නේ අපි ඉපදෙන්නේ ආදරය කරලා, ෆැමිලි එක විතරක් බලන් ඉන්න නෙමෙයි. ලෝකෙට වැඩක් කරලා අපේ නම තියලා යන්න. මගේ රංගන ගමනට සපෝට් කරන කෙල්ලෙක් තමයි මට ඕනේ. ඒක කලාවට සම්බන්ධ කෙනෙක් වුණොත් වඩා ලේසි වෙයි.
එතකොට එයා සින්දු කියන කෙනෙක් වුණොත්?
ඒකත් හොඳයි, බලමු
දැන් ඔයා පෙම්වතෙක්ද නැද්ද ?
ඒ ප්රශ්නෙට ඔයා හරියට උත්තරයක් දෙන්නෙම නෑනේ ?
මම පෙම්වතෙක්... මට ආදරේ කරන හැමෝටම
දර්ශන් හිනාවෙලා කියන්නෙ එහෙමයි.
අනේද කියන්නෙ.......එතකොට අරයා......අපිටත් හිනාවෙවී අහන්න තියෙන්නේ ඒක


