රොබින් හුඩ් ට සෙවණ දුන් ඕක් ගස මිය යයි

  • 22-06-2026

රොබින් හූඩ් බලපු නැති කෙනෙක් ලංකාවේ නැති තරම්. අදටත් රොබින් හුඩ් සුන්දර මතකයක්. ඉතින් තත්ත්පර ගෙවි ගොස් හුඟාක් දේවල් අතීතය අයිති  කර ගනිද්දී රොබින්  හුඩ් ට සෙවන දුන් ඕක් වෘක්ෂය මිය  ගිහින්. 

නොටින්හැම්ෂයර්හි ෂර්වුඩ් වනයේ පිහිටි Major Oak නම් පුරාණ ඕක් ගස වසර 1,200ක් පමණ පැරණි ගසක්. ඒ ගස බ්‍රිතාන්‍යයේ වඩාත්ම ප්‍රසිද්ධ සහ විශාලතම ඕක් ගස්වලින් එකක්. 

 Robin Hood සහ ඔහුගේ පිරිස මෙම ගස අවට සහ එහි විශාල කඳ තුළ සැඟවී සිටි බවට සඳහන් තොරතුරු තිබෙනවා. 

" ලොව පුරා මිලියන ගණනක් සංචාරකයන් ආකර්ෂණය කළ මෙම ස්වභාවික සංකේතය වසර ගණනාවක් සංරක්ෂණය කිරීමට උත්සාහ කළද, පසුගිය කාලයේ එහි සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහී ගිය බව එරට බලධාරීන් වාර්තා කර තිබුණා. ඒ අනුව මෙම වසරේ වසන්ත සමයේදී පළමු වරට කිසිදු කොළයක් හට නොගැනීමෙන් අනතුරුව විද්‍යාඥයන් එය මියගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

විශේෂඥයන්ගේ අදහස වී තිබෙන්නේ වසර ගණනාවක් පුරා සිදු වූ ව්‍යුහාත්මක මැදිහත්වීම් සහ ගස අවට පැවති දැඩි මානව ක්‍රියාකාරකම් එහි අවසානයට බලපා ඇති බවයි."


අතීතයක් කලාව තුළට සම්මිශ්‍රණය කල ඉතිහාස වස්තුවක් ඉතින් දැන් අප හැර ගොසින්.