
නිව්ටන් සිනමා සමාගම කියන්නෙ ඉන්දීය සිනමා නිෂ්පාදන සමාගමක් .ඒ සමාගම විසින් ප්රසන්න විතානගේ කියන ප්රවීණ සිනමා අධ්යක්ෂවරයා අධ්යක්ෂණය කිරීමට සූදානම් වන සිනමා නිර්මාණ ත්රිත්වයක් 79 වන කෑන් චිත්රපට වෙළෙඳපොළට ඉදිරිපත් කරලා.....
ආඩම්බරයි නේද ඉතින්...
.
ඒ The Gambler, Wrong Man සහ Islands යන චිත්රපට 03යි. The Gambler හින්දි මලයාලම් චිත්රපටයක් වන අතර Wrong Man සිංහල චිත්රපටයක් . එය අර්ධ වෘතාන්තමය චිත්රපටයක් . Islands චිත්රපටය හින්දී දෙමළ චිත්රපටයක් . හින්දි, දෙමළ, මලයාලම් සහ සිංහල සිනමාවේ නළු නිළියන් රැසක් මීට එක්වීමට නියමිතයි.
.
මෙම චිත්රපට ත්රිත්වයේම නිෂ්පාදන වගකීම දරන්නේ නිව්ටන් සිනමා සමාගමයි.
.
මීට අමතරව ආකාස කුසුම්, පැරඩයිස් සහ ගාඩි යන චිත්රපට 03 ද ඇතුළත්ව, නිව්ටන් සිනමා සමාගම විසින් කෑන් වෙළෙඳපොළට චිත්රපට 22ක් ඉදිරිපත් කර තිබෙන අතර 79 වන කෑන් චිත්රපට උළෙල මැයි 12 වනදා සිට 23 වනදා දක්වා ප්රංශයේ දී පැවැත්වෙනවා.
ඉතින් ප්රසන්ත විතානගේ ඔබට අපේ සුබ පැතුම්

Trending News
Events
පාරුවේ පොත් හැන්දෑවක්
- 13-05-2026
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
