ශලනි නොකීවට කන්නගීත් ශලනිගෙමද ?

කන්නගී කියලා චිත්‍රපයක් ගැන කතාවක් පහුගිය කාලයේ ඇදිලා ආවා. ඒ කන්නගී චිත්‍රපටයේ පළමු නිල ප්‍රචාරණ පෝස්ටරය එළි දැක්වීමත් එක්ක.ප්‍රධාන නිළිය ශලනි තාරකා.චිත්‍රපටයේ තිර රචනය අධ්‍යක්ෂණය නම සඳහන් වෙන්නේ ශාන් ජයරත්න කියලා කෙනෙක්ගේ.
ඒත් කන්නගී චිත්‍රපටය තිර රචනය අධ්‍යක්ෂණය අපි නොදන්න ශාන් ජයරත්න කෙනෙක්ගෙ නෙවෙයි ශලනි තාරකාගෙමයි කියලා රාවයක් ක්ෂේත්‍රයේ විශ්වාස කරන්න පුළුවන් කට්ටිය ඔස්සේ අපිට කනින් කොණින් ආරංචි වුණා.
ඒ ගැන ශලනි නම් මේ වෙනකම් මොකුත් කතාවක් නෑ ඕං.
නිළියො නළුවො එක එක හේතු නිසා චිත්‍රපට අධ්‍යක්ෂණයට වගේම චිත්‍රපට නිෂ්පාදනය ට පිවිසෙනවා.
සල්ලි හම්බකරගන්න වගේම තමන්ට ක්ෂේත්‍රයේ තියෙන ඉල්ලුම අඩුවෙද්දි ,වෙන අය ක්ෂේත්‍රයට එනවට එන අකමැත්ත ,තමන් ට නොලැබෙන තමන් ආසා චරිත රඟපාන්න තියෙන ආසාව වගේ නොයෙක් හේතු ඊට බලපාන්න පුළුවන් .
ඒ අතරෙ අධ්‍යක්ෂවරුන්ට සල්ලි දීලා චරිත ඉල්ලගෙන රඟපාන නළු නිළියොත් නැතුව නෙවෙයි .ඒ එක්ක ඇත්තටම රඟපෑමෙන් එහාට ක්ෂේත්‍රයේ නමක් හදාගන්න ක්ෂේත්‍රය ගැන හදාරන්න තියෙන උවමනා ව නිසා අධ්‍යක්ෂණයට එන නළු නිළියොත් ඉන්නවා .
කන්නගීත් ප්‍රේමියේ වගේම ඇත්තටම ශලනිගෙනම් මේ හේතු හෝ වෙන මොනවා හරි හේතු නිසා ශලනි ත් අධ්‍යක්ෂණයට එන්න ඇති.
හරි කතාව ඇත්තද කියලා අපි බලන් ඉමුකො.
හොඳ හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නෙත් කට කහනවටම නෙවෙයිනෙ නෙහ්
