සුදු නොවී ලොව දිනූ කළු කෙල්ල

සුදු වෙන්න සමහරු දෙන්නෙ මාර try එකක්.සුදු වුණාම පට්ට ලස්සනයි කියලා හිතන සමහරු සුදු වෙන්න ගාන්නෙ නැති cream එකක් නොකරන treatment එකක් නැති තරම්.
ඒත් චොකලට් පාට කෙල්ලො කොච්චර ලස්සනද ? කළු කෙල්ලො කොච්චර ලස්සනද ?
ලෝකයක්ම දන්න තරුවක් වෙච්ච මේ කළු කෙල්ලගෙ කතාව මෙන්න මේකයි..
" සමේ පාට වෙනස් කරගන්න කියලා එයාට ගොඩක් අය බල කළා. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. අන්තිමට එයා ඒ පාටින්ම ලෝකයක් අඳුරන තරුවක් වුණා.
Nyakim Gatwech කියන්නේ දකුණු සුඩානයේ ඉපදුණු model කෙනෙක්. එයාගේ සමේ තියෙන තද කළු පාට නිසාම අද වෙද්දී fashion industry එකේ ගොඩක් අයගේ අවධානය එයාට ලැබිලා තියෙනවා.
සාමාන්‍යයෙන් කළු හමට ඒ තරම් තැනක් නොදෙන field එකක එයා මේ පාටම එයාගේ signature එක කරගත්තා.
පොඩි කාලේ ඉඳන්ම එයාගේ පෙනුම ගැන ගොඩක් අය ප්‍රශ්න කළා. සමහර අය කිව්වේ skin එක ලයිට් කරගන්න කියලයි. ඒත් එයා ඒ කිසිම දේකට ඔළුව නැමුවේ නැහැ. අනිත් අයට වඩා තමන් වෙනස් වෙන්නේ කොතනින්ද, අන්න ඒ දේම එයා තමන්ගේ ශක්තිය කරගත්තා.
අද වෙද්දී ලෝකයේ ප්‍රසිද්ධම magazine covers වල, runways වල එයා නැතිවම බැරි කෙනෙක් වෙලා. තමන්ගේ පෙනුම ගැන හිතලා දුක් වෙන, සමාජය හදපු beauty standards වලට කොටු වෙන්න බැරුව ඉන්න ගොඩක් අයට එයා ලොකු ආදර්ශයක්.
මිනිස්සු ඔයාව වට්ටන්න පාවිච්චි කරන දේවල්ම ඔයාගේ ලොකුම strength එක කරගන්න පුළුවන් කියන එකට එයා හොඳම උදාහරණයක්. "
