සිරුරේ ඇද හොයන්න ආව පැපරාසීන්ට බොලිවුඩ් නිළියකගෙන් සැර උත්තරයක්

  • 24-04-2026

දරුවෙක් බිහි කළ පසු සිරුරේ හැඩය වෙනස්වීම කාන්තාවන් හුඟාක් දෙනෙක්  මුහුණ දෙන ප්‍රශ්නයක්...සමහරු ඉතින් ඒකට හුඟාක් worry  වෙනවා.විශේෂයෙන් Actress  ලා.....

බොලිවුඩ් නිළි පත්‍රලේඛා ට සමාජ මාධ්‍ය ඔස්සේ  එල්ල වුණෙත් එසේ එල්ල නොවිය යුතු  අශෝභන ප්‍රහාරයක් . 'බොඩි ෂේමින්' (Body Shaming) එනම් සිරුරේ හැඩය විවේචනය කිරීමේ සිදුවීමකට  මුහුණ දුන් පත්‍රලේඛා ඊට එරෙහිව  අතිශය සංවේදී සහ ප්‍රබල උත්තරයක් දුන්නා.

ඇයගේ නවතම සිනමා නිෂ්පාදනය 'ටෝස්ටර්' (Toaster) හි ප්‍රවර්ධන වැඩසටහනකට එක්ව සිටියදී ලබාගත් දර්ශන උපයෝගී කරගනිමින් තමයි ඇතැම් පැපරාසි පිටු ඇයගේ  සිරුරේ වෙනස්වීම් පිළිබඳව  අපහාසාත්මක ප්‍රකාශ පළ කළේ.

ඇය ප්‍රකට බොලිවුඩ් නළු රාජ්කුමාර් රාඕගේ බිරිඳයි. දක්ෂ නිළියක්  වන පත්‍රලේඛා මෑතකදී දරු ප්‍රසූතියකින් පසු ප්‍රසිද්ධ උත්සවයකට එක්ව සිටියා. එහිදී ඇයගේ ශරීරයේ බර වැඩිවීම සම්බන්ධයෙන් ඇතැම් පැපරාසීන් "ඇයට මොකද වුණේ?" වැනි සංවේදී නොවන ශීර්ෂ පාඨ යොදාගනිමින් වීඩියෝ පළකර තිබුණා.

පත්‍රලේඛා  මේ චෝදනා හමුවේ නිහඬව හිටියෙ නෑ. ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඊට මෙලෙස පිළිතුරු දී තිබුණා.

"මට මොකද වුණේ කියලා අහනවාද? මම දැන් තමයි දරුවෙක් ප්‍රසූත කළේ! ඔව්, මගේ බර වැඩිවෙලා. ඒක ඔබලාට අස්වාභාවික දෙයක් වගේ පෙනෙනවා ඇති. මම කන්දක් තරම් කෑම කකා නිකන් හිටපු කෙනෙක් නෙවෙයි. දරුවෙක් හදන අතරතුර මම චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළා. ඒක ලේසි වැඩක් නෙවෙයි. මට පුළුවන් නම් මම මෙහෙම ඉන්නෙ නැහැ. නමුත් මගේ ශරීරය ගර්භණීභාවයට ප්‍රතිචාර දැක්වූයේ මේ විදියටයි. දෙවියන්ගේ නාමයෙන් කරුණාකරලා මනුස්සකම ඉගෙන ගන්න."

ඇයගේ මෙම ප්‍රතිචාරයෙන් පසුව සමාජ මාධ්‍ය පරිශීලකයින් විශාල සංඛ්‍යාවක් ඇය වෙනුවෙන් පෙනී සිටියා. මවක් වූ කාන්තාවකගේ සිරුරේ වෙනස්වීම් උපහාසයට ලක් කරන පැපරාසි සංස්කෘතිය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණා.

මේ සියල්ල  මධ්‍යයේ ඇය නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වන 'ටෝස්ටර්' මේ වන විට නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ  සාර්ථකව විකාශනය වෙනවා...