සසර මඟ පේවී -අපි ආයෙ හමුවෙමුද භූමි

  • 25-06-2026

 

තෙවැනි ඇසින් රූ අසිරි මවා ලූ සොඳුරු හිතවතාණෙනි........

සසර මඟ පේවී -අපි ආයෙ හමුවෙමුද භූමි .......

ඉන්න තැනක හිඳ නිවනින්ම සැනහේවා......!

දවස් ගණනාවක් තිස්සේ භූමි වික්‍රමසිංහ ජීවිතය වෙනුවෙන් මැශින් එකෙත් හුස්ම ගනිමින් කළ සටන නිමාවුණා.
මට හිතෙනවා ජීවත්ව සිටියදී ලැබුණු ආදරයටත් වඩා ආදරයක් භූමිට ලැබෙන්නේ දැන්ද කියලා........
මම දැක්ක දේ තමයි කවදාවත් කවුරුත් භූමි ගැන දොසක් කීවෙ නෑ .

"ඕකා හිත හොද එකා "ඒ තමයි හුගාක් අය භූමිට දුන්න නිර්වචනය .
භූමි කියන්නෙ කවදාවත් කාටවත් ඊර්ෂ්‍යා නොකරපු  එකෙක්. ඒකට හේතුවක් තිබුණා.

භූමි කියන්නෙ දක්ෂයෙක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක්.
සරලවම කියනවානම්  පට්ට වැඩ්ඩෙක්.......
එහෙම වැඩ්ඩො තමන් නැතිදාට ඒ හිස්තැන් පිරවෙන්න ආදේශක හදනවා මිසක් බෙලි කපලා මල් මාල දාගන්න හදන් නෑ.

භූමි ගැන හුගාක් සංවේදී සටහන් හුගාක් අය මුහුණු පොතට එක් කරලා තිබුණා.
මේ භූමි දැඩි සත්කාර ඒකකයේ මැශින් එකෙන් හුස්මක් වෙනුවෙන් ඔට්ටු වෙද්දී භූමි  වෙනුවෙන් පන්සල් පල්ලිගානෙ ගිහින්  භූමිට සෙත්පැතූ භූමි ගෙ හිතවතියක් තැබූ සටහනක්.

උඹ මහ පිස්සෙක් භූමි.... යකෝ රැයක් දවාලක් බලන්නෙ නැතුව අපි පන්සල් පල්ලි ගානෙ ගිහින් උඹේ පණටික රකින්න කරපු දේවල් බලන්න උඹට නැගිටින්න තිබ්බා භූමි... ඇයි මල්ලියේ තව ටිකක් අල්ලන් හිටියෙ නැත්තෙ..................... අදත් බෙල්ලන්විල ගිහින් බෝධි පූජා කරලා, සිවුරු පූජා කලේ මේ ආරංචිය අහන්නද බන්..........
           නිවන් සුව රත්තරන් මල්ලියෝ.....

භූමි ඔයා වෙනුවෙන් තනි රකින්න තව මෙහෙම අකුරු සිය දහස් ගණනාවක් තියෙනවා .....

මේ පින් අනුමෝදන් වී ඉතින් නිදුක් නිරෝගී සුවයෙන් යන තැනක හිඳිනු මැන
.............
 මරණයෙන් ඉනික්බිති නිර්වාණය මුණ නොගැසුණාට  මේ සසර මඟ ඉක්මන් කෙළවරකට ඒ සියල්ල හේතු වාසනා වේවා ..........

සුවපත් සංසාර ගමනක් ආදර භූමි