අයිශ්චර්යා රායි ඇස් දෙක දන්දෙයි

  • 21-07-2026

අයිශ්වර්යා රායි කියන්නේ මුළු ලෝකයේ අවධානය සහ ආකර්ෂණය දිනාගත් අපූරු ගැහැනියක් ....ඒ ආකර්ෂණයට විශේෂ හේතුවක් වෙන්නේ ඇගේ  දෑස්....

 ලෝකයේ සුන්දරම ගැහැනිය ලෙසින් අදටත් ඇය බොහෝ හදවත් අස ආදරණීයයි ...

ඇය ගැන ලියැවුණු මේ සුන්දර සටහන ඒ සියල්ල වෙනුවෙන් සාක්ෂියක් ......


" ආශ්චර්යයමත් අයිශ්වර්යා රායි ගේ දෙඇස් ලොව චමත්කාරජනකම නේත්‍රා යුග්මයක් ලෙසින් ප්‍රචලිතයි, දුර්ලභ නිල්-කොළ පැහැයෙන් වර්ණ ගැන්වෙන, ඇය සිටිනා පරිසරය,  ආලෝකය අනුව වෙනස් වෙන ඒ පාට දකුණු ඉන්දීය මුහුණක කලාතුරකින් පිහිටන දීප්තිමත් වශීකෘත ඇස් දෙකක්.

1994 Miss World කිරුළ දිනමින් ඇය හරි මානූෂීය දෙයක් කළා. ඉන්දියාව පුරා ඉන්න මිනිසුන්ගේ ඇස් අරින්න, ඒ තමයි ඇගේ ඇස් දෙක ඉන්දියානු අක්ෂි සංගමයට පරිත්‍යාග කිරීම, " 


මගේ ඇස් තමයි මට තියෙන ලොකුම වත්කම, ඒවා දීමෙන් මට කෙනෙක්ගේ පෙනීම ලබාදෙන්න පුළුවන් " 

එයින් නොනැවතුනු ඇය ඇස් සහ ශරීරයේ විවිධ අවයව පරිත්‍යාග කිරීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක කළා, එහි ප්‍රතිඵලයක් ලෙස වාර්තාගත පරිත්‍යාගශීලීන් රාශියක් තමන්ගේ අවයව දන්දීමට කැමැත්තෙන් ඉදිරිපත් වුණා, මැරුණට පස්සේ පොළොවට පස් වෙලා ජරාජීර්ණ වෙලා යන ශරීරයෙන් තවත් කෙනෙක්ට ජීවිතයක් දීම කියන්නේ මහා පින්කමක් "


එහෙම තමයි ඒ සටහන ලියැවී  තිබුණේ.....
සංසාරය කීයන්නෙ චාරිකාවක්.....
ඒ චාරිකාව වර්ණවත් කරන්නේ පින් කූසල් සහ සාර සිතුවිලි ........