ඉන්දියානු සිනමාවේ මැඩීටත් පද්ම ශ්‍රී

ඉන්දියානු තරු ත්‍රිත්වයක් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද්දේය.
භාරත රත්න
පද්ම විභූෂන්
පද්ම භූෂන්
පද්ම ශ්‍රී යනු අභිමානවත් ඉන්දියානු සිවිල් පුරවැසියන් උදෙසා පිදුම් ගන්වනු වස් නිර්මාණය කළ එම සම්මානයෝය.
ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී. ජනපතිනි Droupadi Murmu මැතිනිය අතින් පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබූවන් අතරට
එහිදී ප්‍රවීණ සිනමා නළු Mammootty ,
ප්‍රවීණ ගායිකා Alka Yagnik සහ
ප්‍රවීණ නළු R.Madhavan ද පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද හ.
ඉන්දියානු ඉහළම සම්මානයක් වූ පද්ම ශ්‍රී සම්මානයෙන් සම්මානනීය වූ මේ ප්‍රවීණයන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රසංශනීය කතා දිගහැරෙද්දී නළු මාධවන්ගේ ඔර්ලෝසුව ගැනත් හුගාක් අය කතා කරලා තිබුණා.
"පද්ම ශ්‍රී සම්මානය ගන්න ආපු ආර්. මාධවන්ගේ අතේ තිබුණේ ලෝකෙටම 10ක් විතරක් තියෙන රුපියල් ලක්ෂ 40ක සුපිරි ඔරලෝසුව!
ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානයක් වන "පද්ම ශ්‍රී" (Padma Shri) සම්මානයෙන් පිදුම් ලැබීමට සුපිරි නළු ආර්. මාධවන් (R. Madhavan) පසුගියදා නව දිල්ලියේ රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණියා.
තමන්ගේ බිරිඳ සහ පුතු සමඟ ඉතාමත් චාම් නිල් පැහැති දේශීය ඇඳුමකින් සැරසී සිටි මාධවන්ගේ පෙනුමට හැමෝගෙම අවධානය යොමු වුණත්, වඩාත්ම කතාබහට ලක්වුණේ ඔහුගේ අතේ තිබුණු ඔරලෝසුවයි.
මොකක්ද මේ ඔරලෝසුව?
ඔහු පැළඳ සිටියේ Titan සන්නාමයේ 'Jalsa Nebula' වර්ගයේ සීමිත නිෂ්පාදනයක් (Limited Edition). විශේෂත්වයන්:මෙය නිමවා ඇත්තේ කැරට් 18 රෝස් ගෝල්ඩ් (Rose Gold) වලින්.
එහි මුහුණත (Dial) මාබල් වලින් නිමවා ඇති අතර, ජායිපූර්හි සුප්‍රසිද්ධ 'හවා මහල්' (Hawa Mahal) මාලිගාවෙන් ආභාෂය ලබා අතින් අඳින ලද කුඩා සිතුවමකින් (Miniature painting) එය හැඩගන්වා තිබෙනවා.
මෙවැනි ඔරලෝසු මුළු ලෝකයටම නිෂ්පාදනය කර ඇත්තේ පිටපත් 10ක් පමණයි.මෙහි වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 40ක් (ලංකා මුදලින් රුපියල් කෝටි 1.4 කට වඩා වැඩි) වනවා.
සම්මානය ලැබීමෙන් පසු රසිකයන්ට ස්තුති කරමින් මාධවන් කියා සිටියේ, තමන්ව නිතරම ආකර්ෂණීය ලෙස හැඩගන්වන නිර්මාණකරුවන්ට සහ මේ ගමනට ශක්තියක් වූ ආදරණීය රසික සැමට මේ ගෞරවය හිමිවිය යුතු බවයි."
මාධවන් ට ආදරයට මැඩී කියලා කියන කට්ටියකුත් ඉන්නවා ඉන්දියාවේ .
ඒ මැඩී ගැන එක් සමාජ මාධ්‍යයක ලියැවුණේ මෙහෙමයි.
"මැඩී" කියන්නේ නිකන්ම නළුවෙක් නෙවෙයි...
හැමෝම ආදරේට ‘මැඩී’ කියලා කියන ආර්. මාධවන් (R. Madhavan) ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී’ (Padma Shri) සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඔහුගේ Fans ලාට මේක වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආඩම්බරයක්, වගේම පට්ටම හැඟීම්බර මොහොතක්!
මොකක්ද මේ ‘පද්ම ශ්‍රී’ සම්මානය?
ඉන්දීය රජය මගින් පිරිනමන සිවිල් සම්මාන අතරින් සිව්වන ඉහළම සම්මානය තමයි ‘පද්ම ශ්‍රී’ කියන්නේ.
කලාව, අධ්‍යාපනය, කර්මාන්ත, සාහිත්‍යය, ක්‍රීඩාව සහ සමාජ සේවා වගේ ක්ෂේත්රයන්ගෙන් රටට සහ ලෝකයට සුවිශේෂී, සුවිශාල මෙහෙවරක් කරපු අසමසම පුද්ගලයන්ට විතරයි මේ ගෞරවණීය ඇගයීම හිමිවෙන්නේ.
ඉතින් සිනමාව ඇතුළේ තමන්ගේ සලකුණ තබපු මැඩී මේ වගේ ජාතික මට්ටමේ ඉහළම සම්මානයකින් පිදුම් ලැබීම සැබෑ රසිකයෙක්ට සිරාවටම ගැම්මක්!
ෆිල්ම් එකක screen එකට ආපු මුල්ම දවස්වල තිබුණු ඒ Cutest ලුක් එකේ ඉඳන්, අද ඉන්දියානු සිනමාවේ ඉන්න Mass ම, ඒ වගේම ගෞරවණීයම Actor කෙනෙක් වෙනකන් ආපු මේ Journey එක ඇත්තටම මරු.

මැඩී කවදාවත් Hype එකක්, සෝබන Social Media ෂෝ ඕෆ් පස්සේ දුවපු කෙනෙක් නෙවෙයි. ඔහු හැමතිස්සෙම කතා කළේ තමන්ගේ රංගනයෙන් විතරයි. ඒ නිහඬ, Power එක තමයි ඔහුව මේ තරම් විශේෂ කරන්නේ.
ආදරණීය Lover Boy කෙනෙක් වෙන්නත්, එකපාරටම Intense, Deep කැරැක්ටර් එකකින් හිත හිරිවට්ටන්නත් මැඩීට තියෙන්නේ පුදුම Natural හැකියාවක්. චිත්‍රපටියක් ඉවර වුණත් ඒ කැරැක්ටර්ස් හිත්වලින් කවදාවත් අයින් නොවෙන්නේ ඒ නිසයි.
මේ සාර්ථකත්වය පිටුපස තියෙන්නේ අවුරුදු ගණනාවක කැපවීම, ඉවසීම සහ හැමදාම තමන්ගේ අනන්‍යතාවය රැකගෙන Screen එකේ අලුත් වෙන්න තිබුණු සුපිරි හැකියාවයි.
මේ සම්මානය නිකන්ම Award එකක් නෙවෙයි
මිලියන ගණනක Fans ලගේ හදවත් දිනාගත්තු, තවමත් තමන්ගේ නිහතමානීකමෙන් Fansලා inspire කරන සැබෑ කලාකරුවෙකුට ලැබුණු සුපිරිම උපහාරයක්!
මැඩී මේ ඇගයීමට ලක්වෙනවා දකින එක, ඔහුගේ සැබෑ රසිකයන්ට දැනෙන්නේ තමන්ගේම සහෝදරයෙක්, තමන්ගේම ළඟම කෙනෙක් ලැබූ ලොකුම ජයග්‍රහණයක් වගෙයි. "
ඒ තමයි ඒ සටහන්


