ඉන්දියාවට තවත් රූ රැජිනක්

  • 20-04-2026


Sadhvi Satish Sail 2026 වසරේ “Femina Miss India World” කිරුළ දිනාගත්තා. ඉන්දීය මාධ්‍ය කියන විදිහට 61වැනි Femina Miss India තරගයේදී  තමයි Sadhvi මේ කිරුළ දිනාගත්තේ.

 ඒ වගේම  අනුශූරිය ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ Rajnandini Pawar,අනු කිරුළ දිනාගත්තා.


ඇය ගෝවාහි නිරූපිකාවක්.Sadhvi දක්ෂ ව්‍යසායිකාවක්. ජයග්‍රහණයේ කිරුළු දිනාගත් පසු ඔවුන් දෙදෙනාම මාධ්‍ය වෙත පැවසුවේ  සතුටක් සහ කෘතඥතාවයක් තම හදවත්වලට දැනෙන  බවත්, තරගයට සහභාගී වූ සියලු දෙනාම ජයග්‍රාහකයින් ලෙස සැලකෙන බවත්ය.

 ජාත්‍යන්තර වශයෙන්  ඉන්දියාව නියෝජනය කිරීම සම්බන්ධයෙන් ඇය වගකීමක් සහ උද්යෝගයක් දරාගෙන  තමයි කිරුළේ හිමිකාරිත්වයත් සමඟ හැසිරුණේ. 2025 වසරේ ජයග්‍රාහිකාව වූ Nikita Porwal තමයි Sadhvi ට කිරුළ පළඳවා සුබ පැතුවේ., 

ඉතින් මේ ජයග්‍රහණයත් එක්ක Sadhvi   2027 “Miss World” තරගයේදී ඉන්දියාව නියෝජනය කරන්නත් වරම් ලැබුවා.....

සුබ පැතුම් Sadhvi