හැංගි හොරා වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියලා කියනවනේ.
මේ කසාදෙ කතාවත් ඒ වගේ.ඇයි හොඳයිකම මෝරලා මෝරලා ගිහිල්ලා අපි හොඳටම දන්න විදිහට අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු කරන දවස්වල තමයි සනත් ගුණතිලකයි ජානකී විජේරත්නයි කසාද බැන්දේ. ඒත් බැඳලා නෑ නෑ වගේ ඉන්න ගියාට දන්න කට්ටිය දන්නවා වෙච්ච කතන්දරේ.හැබැයි ජානකී සනත් දෙන්නා කොයි වෙලාවකවත් දෙන්නා කසාද බැඳලා කියන එක එළියට දැම්මෙ නෑ. දැන් ඔන්න සනත් කසාදය ගැන එළිපිට කතා කරන්න පටන් අරන්.සනත් කියන්නෙ මෙහෙම දෙයක්.
" මුලදී ගොඩක් අය වික්ටර් රත්නායකටත් බැන්න නේ කසාද බැන්දා කියලා.එහෙම බැන්න අයට දැන් තේරෙනවා ඇති වික්ටර් රත්නායක හරි කියලා.ඒ වගේම අපිටත් ගොඩක් අය බනිනවා.හැබැයි මම කලාවට කරපු සේවය දන්න අය මට අදටත් ආශිර්වාද කරනවා.තනිවෙලා තනිකඩ මිනිහෙක් විදියට අන්තිම කාලෙ ජීවත් වෙන්න අමාරුයි කියලා මට දැනුණා .wife කෙනෙක් නැත්නම් හොඳ partner කෙනෙක් හරි ඉන්න ඕනෑ ඒ කාලෙට .කවුරු මොනවා කීවත් අපිට වැඩක් නෑ.අනික් අය සතුටු කරන්න කලින් අපි සතුටු වෙලා ඉන්න එපැයි."
අන්න එහෙම තමයි සනත් දැන් කියන්නෙ .මොනවා වුණත් ජානකී ගේ පුතාටත් සනත් දැන් හොඳ තාත්තා කෙනෙක් වගේ ඉන්නවා.
ඒකත් ජයසිරි මංගලං කිව්වලු!



Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

