පියුමිට කොළඹ හතෙන් කෝටි 4ක සැලූන් එකක් ?

  • 25-06-2026

පියුමි හංසමාලි කියන්නෙම පුවත් මවන මැෂින් එකක්...වගේ වෙලාවකට...Love break වෙද්දී ප්‍රසිද්ධියේම පවුල් කෑව boy friend  එක්ක නැත්නම්  husbend එක්ක මරාගන්න  ඒ කෙනාට දුන්න දේවල් කරපු දේවල් ඔක්කොම ප්‍රසිද්ධියේ කිය කියා බුකිය රත්කරන හිනස්සවන කෙනෙක් .
පහුගිය කාලෙ පුතා දාගත්තත අලකළංචියක් නිසා උසාවි ගානෙ හිටු කියලා රස්තියාදු වෙච්ච පියුම් හංසමාලි  cream case එක නිසා පටලා ගත්ත කේස් කෝස් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙත් නෑනේ.

යකා යකා මිස කොකා වෙනවද Bro......

සමහර සීන් කෝන්වලදි ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ

 

වෙඩින් එකට මාස තුනක් තියෙද්දි ආවොත් මගේ ස්කින් කලර් එකට හැමෝමව හදනවා- පියුමි හංසමාලි මේ ඊයෙ පෙරේදා එහෙම කීවා.

චන්දිමාල් ජයසිංහගේ Royal birthday party එකේදී පියුමි හංසමාලි මෙහෙම කිවා

"මම දන්නවානේ කළු කෙනෙක් සුදු වුණාහම ඒ හැඟීම.ඒ හැඟීම ඕන කෙනෙක්ට  තියෙනවා කියලා මට හිතෙනවා 

මගේ සැලෝන් එක ඔන්ලි ලේඩිස් එකක්..ගොඩක් අය කැමතියි කට්ටිය සුදු වෙන්න...එයාලාට අවශ්‍ය කරන නමම තියෙනවා මගේ සැලෝන් එකේ බියුටි...ඉතිං ලස්සන වෙන්න...වෙඩින් එකට මාස තුනක් තියෙද්දි ආවොත් මං මගේ ස්කින් කලර් එකට මං හැමෝම හදනවා..මගේ අලුතින් එනවා බ්‍රයිඩල් පැක් එක ගාලා සුදු වෙන්න...සුදු වෙන්න කැමති අය එන්න.. ඒකේ Courses ටිකක් තමයි මං රට ගිහින් මේ ටිකේ කරන්නේ...කොළඹ හත ලොකු බිල්ඩින් එකක් තට්ටු හතරක විතර බිල්ඩින් එකක්...අවුරුදු දෙකහමාරක විතර ඉඳන් මේකේ ඉන්ටීයල් ඩිසයින්  ප්ලෑන් කලා..මේ අන්තිම ටික විතර යන්නේ..ලබන මාසේ වගේ ඕපන් කරනවා..."
ඒ ඔක්කොටම කෝටි 4ක් විතර යනවා......

එහෙම තමයි පියුම් කිවේ