මනමාල කතාවෙන් කාංචනා දමිළ සිනමාවට !

මනමාල කතාවේ කාංචනා ගෙ ඇඳුම් නිර්මාණය කරපු ඇඳුම් නිර්මාණ ශිල්පියාගෙ නංගිටත් ඇත්තටම කළු කුමාර දිෂ්ටිය වැහිලා තියෙනවා ලු.
එයා කළු කුමාරයා දැකපු හැටි කාංචනා ට චිත්‍රයකුත් ඇඳලා එවලා.එයා කියපු විදිහට මූණ හොඳටම කළු දත් සුදු පාටට දිලිසෙන කෙනෙක්ලු.එයා ඇන්ඳ රූපෙ කළු කුමාරයාගෙ පෙනුම කාංචනාගෙ සින්දුවේ කළු කුමාරයාට රඟපෑව සජිත ඇන්තනිගෙ පෙනුමටත් ටිකක් සමානයිලු.
සමිත පෙරේරා ලියූ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ මනමාල කතා නිසා කාංචනා අනුරාධි දවසින් දෙකින් ක්ෂේත්‍රයේ මාතෘකාවක් වුණා.මිලියන දෙකකටත් වඩා නරඹපු මනමාල කතා නිසා ඇත්තටම කාංචනා අනුරාධි කියන ගායිකාවට නිළි වරම් ලැබෙන්නයි යන්නෙ.
මනමාල කතාවේ කළු කුමාරයාට ඇන්ද සජිත ඇන්තනී සින්දුව එළි දක්වන දවසේ ප්‍රසිද්ධියේම කීවෙ සජිත ගෙ ඊළඟ චිත්‍රපටයේ තේමාවත් කළු කුමාරයා ගැන කියලා.එහි ප්‍රධාන නිළි චරිතය රඟපාන්නෙ වෙන කවුරුත් නෙවෙයි කාංචනා අනුරාධි කියලා සජිත කියද්දී කාංචනා ට සුබ පතන්න ආව දිනක්ෂි කීවේ ඔයා තුළ හිටිය ගායිකාව මම අඳුරගෙන හිටියා ඒත් ඔයා තුළ හිටිය නිළිය අඳුරා ගත්තෙ දැන් කියලා.
මේ වෙද්දී කාංචනා ට මනමාල කතා නිසා දමිළ ච්ත්‍රපටයක රඟපාන්නත් ඇරියුම් ලැබිලා තියෙනවා ලු.ඒත් එක්කම හේමාල් රණසිංහ එක්ක චිත්‍රපටයක රගපාන්නත් වරම් ලැබිලලු.
හැබැයි කාංචනා නම් මේ කිසිම දෙයක් ගැන තාම මොකුත් ප්‍රසිද්ධියේ කීවෙ නැහැ.
එයාගෙ එකම මාතෘකාව මනමාල කතා විතරයි.


