ලොවක් ඉදිරියේ රටක් දිනවූ රිවස්ටන්

සීමිත ඉඩ පරාසයක් තුළ අභියෝගාත්මක හා දැකුම්කළු ලෙසින් කැමරාව හැසිරවීමේ කෞෂල්‍යය හේතුකොටගෙන, නිර්දේශනාම අතර රැඳුණු දැවැන්ත සහ විශිෂ්ට සිනමා නිර්මාණයන්හී අන්තර්ගත වූ සියලු කැමරා ශෛලීන් අභිභවා යමින්, මැකාවෝ රාජ්‍යයේ පැවති 2026 ආසියානු කලා සිනමා උළෙලේ "හොඳම කැමරාකරණය" උදෙසා වූ ගෝල්ඩන් පෙට්‍රල් සම්මානය 'රිවර්ස්ටන්' චිත්‍රපටය වෙනුවෙන් ප්‍රභාත් රෝෂන් දිනාගත් වගයි...
ප්‍රභාත් රෝෂන්ගේ ආදරණීය බිරිඳ නිමන්ති පෝරගේ කලාවේදිනිය මුහුණු පොතේ තබා තිබූ ඒ සංවේදි ආදරණීය සහ අභිමානවත් සටහන සැබැවින්ම ලාංකික සිනමාවටම ගෞරවයක්.
ඉකුත් දිනෙක අප ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලද ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවස්ටන් චිත්‍රපටය ගැන ලියුවේ ජැකී චෑන් හොඳම නළුවාට නිර්දේශ වෙද්දි ප්‍රභාත් රෝෂන් හොඳම කැමරාකරණය සඳහා නිර්දේශ ලබයි කියලා.
"ෂැංහයි ,ලන්ඩන් ,ටෝකියෝ ,සිඩ්නි,මෙල්බර්න්, ඉන්දියානු ගෝවා ආදී ලොව ප්‍රමුඛතම සිනමා උළෙලවල් ඇතුළුව විවිධ තලයේ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළ ආසියානු චිත්‍රපට 8 ක කැමරා ශිල්පීන් 9 දෙනෙකු හොඳම කැමරාකරණය වෙනුවෙන් නිර්දේශ නාම ලැබීමට සමත්ව තිබෙන අතර ,ඒ අතුරින් ශිල්පීන් හය දෙනෙකුම ආසියාවේ විශාලතම සිනමා කර්මාන්තයකට හිමිකම් කියන චීන නිෂ්පාදිත වෙනුවෙන් නිර්දේශ ලැබ තිබීම විශේෂත්වයකි.ඒ අනුව රුපියල් කෝටි 2640 ක අති දැවැන්ත නිෂ්පාදන පිරිවැයකින් තැනූ ඩොන්ජි රෙස්කියු යන චීන සිනමාපටය ඇතුළුව ඉතා ඉහළ නිෂ්පාදන පිරිවැයවලින් හා තාක්ෂණික මෙවලම් උපයෝගිකොටගෙන තැනූ චීන ,ඉරාන හා ඔස්ට්‍රේලියානු චිත්‍රපට 7ක කැමරා ශිල්පය සමඟ රුපියල් කෝටි 2.5 කට ආසන්න ඉතාම අඩු නිෂ්පාදන පිරිවැයකින් තැනූ රිවස්ටන් හී කැමරාශිල්පය එකම සම්මානයක් වෙනුවෙන් නිර්දේශ ලැබීම ශ්‍රී ලාංකේය ශිල්පීය විශිෂ්ටත්වය මොනවට කියාපායි..........

ප්‍රභාත්ගෙ නිර්දේශ වීම ගැන වාර්තා වී තිබුණෙ එහෙමයි.
ඒ තරම් විසල් තරගකාරීත්වය තුළ රිවස්ටන් වෙනුවෙන් ප්‍රභාත් දිනූ සම්මානයේ උරුමය වගකීම ලාංකික සිනමාවේ හෙට දව්ස තවත් දිදුලවන්නට නිසැකයෙන්ම හේතුවක් වනු ඇත.
ඒ සම්මානනීය වූ තීරණය හා එක් වූ ජූරි සභිකයින්:
ඔස්කාර්- එමී-සීසර් සම්මානලාභී සිනමා හා රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක මැල්කම් ක්ලාර්ක් (එක්සත් රාජධානිය): Malcolm Clarke
ගෝල්ඩන් රූස්ටර් -ගෝල්ඩන් හෝර්ස් සම්මානලාභී කැමරා අධ්‍යක්ෂ ෂාවෝ ෆේ (චීනය): Xhao Fei
බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ හිටපු සභාපති මහාචාර්ය ලී යොන්ග් ක්වාන් (දකුණු කොරියාව): Lee Yong Kwan
බීජිං සිනමා ඇකඩමියේ පීඨාධිපති චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂක හා රංගන ශිල්පී හූ චියෑන් (චීනය): Hu Qiang
ඔස්කාර් සම්මාන නිර්දේශලාභී චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂක අටනස් ගොර්ගිව් (උතුරු මැසිඩෝනියාව): Atanas Georgiev
ෂැංහයි ගෝල්ඩන් ගොබ්ලට්- ඉන්දියානු ගෝල්ඩන් පීකොක්- ටෝකියෝ සම්මානලාභී සිනමා රංගන ශිල්පී ඩුආන් යීහොං (චීනය): Duan Yihong
චීන සිනමා සංගමයේ හිටපු උප සභාපති සහ ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සිනමා උළෙලේ සභාපති ජන්ග් හොං (චීනය): Zhang Hong
ලොවක් ඉදිරියේ රටක් දිනූ තවත් මොහොතක්.........
අපේ ආදරණීය ස්තූතිය
ප්‍රභාත් ,නිමන්ති ,ලලිත් ,ශ්‍යාම් ප්‍රනාන්දු , මහේන්ද්‍ර පෙරේරා, රන්දික ගුණතිලක ඇතුළු රිවස්ටන් තේ කෝප්පය ඇල්ලූ Tea boy ගෙ ඉඳන් හැම දෙනෙකුටම.......
සුබ පැතුම් ප්‍රභාත්




