සමහරු මට කියන්නෙ වාසනාවන්තම ගායිකාව කියලා

එකම සම්මානය 11 වැනි වතාවටත් ගන්නවා කියන්නේ
වසර ගණනාවක් පුරා ජනතා සම්මානයට මෙන්ම තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානයේ හිමිකාරිය වෙන්න ඇය කෙතරම් වාසනාවන්ත වෙන්න ඕනෑද ?
Q ඉතින් සශිකා ?
2016 ඉඳන් 11 වතාවක් අඛණ්ඩවම ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානය මම ලැබුවා.ඒ වගේම වසර පහක් පුරා SLIM peoples Awards කණ්ඩායම හඳුන්වා දුන් Youth Choice Female Singer Of The Year සම්මානයත් මට ලැබුණා.පුදුම සතුටක් තියෙන්නෙ ඉතින්
Q දැන් ගෙදර සම්මාන කීයක් තියෙනවාද ?
39 ක් තියෙනවා.....මෙච්චර අගය කිරීමක් මට ලැබෙයි කියලා මමවත් හිතුවෙ නැහැ......
Q ගායිකාවක් වෙලා මේ ගෙවී යන්නෙ කී වැනි අවුරුද්දද ?
30 වැනි අවුරුද්ද.මගේ තාත්තා දැකපු හීනයක් මම ගායිකාවක් වෙන එක.තාත්තා අද පුදුම සතුටක් විඳින්නෙ.ඒ වගේම මගේ අම්මා සහෝදරයා මහත්තයා පුතාලා හැමෝම මට පුදුම හයියක් දෙන්නෙ.එයාලා මාව තේරුම් නොගන්න මම කොහොමද මේ ගමන මෙහෙම එන්නේ
Q චිත්‍රපට පසුබිම් ගායිකාවක් වීම ඔබට කොහොමද දැනෙන්නේ?
ජංගි හොරා චිත්‍රපටය වෙනුවන් මම ගැයූ ගීයට මට සිග්නීස් සම්මානය ලැබුණා.මලකි දුවේ නුඹ චිත්‍රපටයෙ ගීතය ගයන්නෙත් මම .පුදුමාකාර ප්‍රතිචාර ඒ ගීතයටත් ලැබෙනවා.
Q ඔබ ක්ෂේත්‍රයට ආවේ රියැලිටි තරගයකින්..ඒත් ඔබට පුළුවන් වුණා නේද රැල්ලට ඇවිත් රැල්ලට ගසාගෙන නොයන ගායිකාවක් වෙන්න ?
මම ආවෙ තුරුණූ ශක්ති තරගයකින්.අද මම රියැලිටි තරග විනිශ්චයකාරියක්.තමන් තමන්ගෙම කියලා ගමනක් යන්න නම් තමන්ටම අනන්‍යතාවක් ගොඩනගා ගන්න ඕනෑ.මට සමහරු වාසනාවන්තම ගායිකාව කියලත් කියනවා.ඒ වාසනාව පිටුපස තියෙන්නේ මගේ උනන්දුවයි කැපවීමයි. මම මගේ හඬට ගැලපෙන ගීත විතරයි තෝරාගන්නෙ.
Q ඔයා ගයන ගීත කවුද ඉස්සරෝම අහන්නෙ ?
ගීතයක් තෝරා ගනිද්දි මුලින්ම ඒක බලන්නෙ මගේ මහත්තයා සුරංග එක්ක.මගේ තාත්තා ගෙදර අය සහ ළඟම යාලුවො තමයි ඉතින් ඉස්සරලම මගේ සින්දු අහන්නේ
Q අලුත්ම ගීතය ගැන පුංචි හරි ඉඟියක් දෙමු නේද ?
උදාර සමරවීර මල්ලිගෙ සංගීතයෙන් එන ගීයක්.
ඉතුරු ටික ගීතය එද්දි ම කියන්නම්


