Break ගත්තා ඇති හිතෙනවා

  • 28-05-2026

උපන්දිනය සමරන්න බුවිනි කරපු photo shoot එකත් එක්ක බුවිනි සමාජ මාධ්‍යයේ ආයෙත් පොඩ්ඩක් විතර අවධානයට ලක්වෙන චරිතයක් වුණා.


බුවනිගේ ෆොටෝ ෂූට් එකක් නිසා 
නොසිතු ලෙස ලැබෙන ඉල්ලීම් ....ඇතැම් සමාජ මාධ්‍ය ඒ ගැන කියලා තිබුණේ එහෙම.

බුවනි චාපා උපන්දිනයට පසුගිය දවස්වල හරි අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. ඔන්න ඒ ෂූට් එකෙන් පස්සේ ආපහු රඟපාන්න එන්න කියලා හරි හරියට ආරාධනා එනවාලු. ඔන්න ඒ ආරාධනා භාරගෙන බුවනි ආපහු කරළියට එන්නයි හදන්නේ. බුවනි ආපහු වැඩපටන්න කලින් කියන කතාව තමයි මේ.


ඈ ගැන සමහර fb page එහෙම සටහන් තියලා තිබුණා.

ඇත්තටම කාලයක් නිහඬව හිටපු බුවිනි දැන් ආයෙත් කියන්නෙ එයා රඟපාන්න එනවා කියලා.

උපන්දිනයට කරපු ෆොටෝ ෂූට් එකට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් දෙනෙක් කිව්වේ හරි ලස්සනයි කියලා. මාව එහෙම මීට කලින් දැකලත් නැහැනේ.

මම හිතන්නේ ඔයවගේ ෆොටෝ ෂූට් එකක් මම කරලා නැහැ. ඉතිං මේ සැරේ මට හිතුණා වෙනස් විදිහකට ෂූට් එකක් කරන්න. සියයට අනූපහක්ම කිව්වේ ලස්සනයි කියලා. සියයට පහක් වගේ ප්‍රමාණයක් කිව්වේ දැන් අම්මා කෙනෙක් කියලා. ඇත්තටම දැන් මම බබාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් වුණත් කවුරු වුණත් ලස්සනට ඉන්න එපායැ.

මම විවාහ වුණාට පස්සේ අවුරුදු පහක විතර බ්‍රේක් එකක් ගත්තා. බබාල හම්බවුණා. ඊට පස්සේ මම වැඩ කළා.

මම එකපාරටම නොපෙනී ගියා. දැන් මම ආපහු සුපුරුදු විදිහට මගේ වැඩ පටන්ගැනීමට සූදානමින් ඉන්නවා.

 මට ආයෙමත් රඟපාන්න පුළුවන්. බබාල දෙන්නා ඉස්කෝලේ යනවා. ඒ හින්දා ආපහු මට මගේ වැඩවලට මූලිකත්වය ලබාදෙන්න වෙලාවක් හම්බවෙලා තියෙනවා.

මම කලාවට හරි ගරු කරනවා වගේම හරි ආදරෙයි. අද මේ වෙනකොට මගේ ජීවිතයේ මොනයම් හෝ දෙයක් හම්බවෙලා තියෙනවා නම් ඒ හැමදේම ලැබිලා තියෙන්නේ කලාව හින්දයි. ඉතිං මම හැමදාම කලාවට ආදරෙයි. මම පොඩි විරාමයක් ගත්තාට ඒ ගැන දුකක් නැහැ. මොකද මම මගේ පවුලට අංක එක දුන්නා. ඒක මට මහලොකු දෙයක්. කලාවෙන් පොඩි විරාමයක් ගත්තා කියලා මට දුකක් නැහැ. මගේ පවුල් ජීවිතය පැත්තෙන් මම උපරිමය විඳිනවා. ඒක හින්දා දුකක් නැහැ. හැබැයි කලාවෙන් ලොකු කාලයක් ඈත්වෙලා ඉන්න අමාරුයි. මොකද මම ඒ තරමටම කලාවට ආදරෙයි.

 මගේ ජනප්‍රියත්වය ඉහළටම තියෙන කාලේ තමයි ඉවත් වුණේ. ඒ කියන්නේ මම නැගී එන නිළිය සම්මානය අරගත්ත ගමන් තමයි ක්‍ෂේත්‍රයෙන් ඈත්වුණේ. ඒක හින්දා ගොඩක් දෙනෙක් ඇහැව්වා මම කෝ කියලා. ජීවිතේ එක එක කාලයත් එක්ක පොඩි පොඩි වෙනස්කම් සිද්ධවෙනවා. දැන් මම සූදානමින් ඉන්නවා වැඩ පටන්ගන්න.


ඉතින් ආයෙත් බුවිනි ළඟඳීම වැඩ පටන් ගනී