අපි කසාද බඳියි කියලා මම හිතුවේ නෑ

මට මුණගැසුණු අවුරුදු 26ක කොල්ලට
"අවුරුදු 6 කට කලින් අපි අද විවාහ වෙයි කියලා ඔයාවත් මමවත් විශ්වාස කරන්නේ නැති වෙන්න ඇති. නමුත් බලන්න, අපි දැන් ඉඳන් අඹුසැමියන්. ඔයාව හැමදාමත් මං ගාව තියාගන්න කියලා මම දෙවියන්ගෙන් කොච්චර නම් ඉල්ලන්න ඇතිද, මේ උදාවුණු දවස වෙනුවෙන් දෙවියන් වහන්සේ ලොකු කැපකිරීමක් කළා.'' - ශනුද්‍රි ප්‍රියසාද් එයාගෙ FB එකේ එහෙම ලියලා තිබුණේ දිනේෂ් ගමගේ කසාද බැන්ඳ දවසේ......
ලංකාවෙ මිනිස්සුන්ගෙ කටවල් ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ ...
Wedding ගත්තට ඔය දෙන්නා ඔච්චර කල් හිටියෙත් එක ගෙදරක එකට ..living to gether ඔන්න ඔහොමයි ඇතැම් Comments ..
ඇත්තටම බැලුවොත් අතීත ලංකාවෙ තිබ්බෙත් living to gether මඟුල් තමයි .මොකද සුද්දා ලංකාවට එනකම් අත්සන් කරලා කසාද නොබැන්ද එවුන් පණ තියෙනකම් සසරෙත් එකට ඉන්න පතාගෙන දැහැමෙන් සෙමෙන් දරුවොත් දහ පහළොවක් හදාගෙන සාරෙට මඟුල් කෑවා...
ඉතින් ඊට පස්සෙ සුද්දාගෙ නීතියෙන් පස්සෙ
Not sire වගේ සාක්කියටත් අත්සන් කරලා නටන්න ඕනෑ වන්නම් ඔක්කොම නටලා ගන්න සමහර මඟුලුත් සුනේ සුන්.....
මාසෙන් දෙකෙන්.....
එහෙව් එකේ ශනුද්‍රි ප්‍රියසාද් ගෙ ප්‍රාර්ථනාව වාසනාවක් කියලා හිතුණා.....
ඒ මඟුල තිබුණෙ නුවරඑළියෙ ...
මඟුලට ශනුද්‍රි ගවු
ම ,උඩරට ඔසරියේ ඉඳන් ඇඳුම් තුන හතරක්ම ඇන්ඳා....
ඉතින් ශනුද්‍රි ප්‍රියසාද්
දිනේෂ් ගමගේ ඔයාලා දෙන්නට
ජයසිරි මංගලම්





