ආදරියේ .....මරණයට පුළුවන් ද ආදරය මරන්නට

  • 10-07-2026

ආවොතින් යා යුතු වග දනිමි.කවදා කවර මොහොතකදී හෝ මෙලොවට සපැමිණෙන කිසිවෙකුටවත් අවසඟව යා නොහැකි මරණයේ නිශ්චිතය අපේ ඉරණම් කතාවේ කොතැනක හෝ තැනක කෙලෙසින් හෝ ලියැවෙනු ඇත.

යළි කිසිදාක ඇගේ මුවින් කැන්ඩි ළමිස්සී අසන්නට ඉඩ හසරක් නොතියාම ජීවන පුස්තකයේ 68 වැනි පරිච්ඡේදය කියවමින් සිටියදී ශ්‍රි ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ස්ව අනන්‍ය මුද්‍රාවක් සනිටුහන් කළ ඇය බටහිර හා වේගරිද්ම ගී රැජනක වූ මරියසෙල් ගුණතිලක සදහටම අපෙන් සමුගත්තාය.

ඒ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසනය.

දශක පහකට අධික කාලයක් ස්වර්ණවත් ගී ඕවිල්ලක දෙස් විදෙස් රසිකාගාරයක් රස සරාගයක නලවාලූ ඇය ගිටාර් වාදනයෙන් සංගීත චාරිකාව ඇරඹූයේ සත් හැවිරිදි වියේදිය.

1970 දශකයේ අග භාගයේදී ඇය තිළිණ කළ කැන්ඩි ළමිස්සී ගීතය ලාංකික පොප් සංගීත කලාවේ දිදුලන හැරවුම් ලක්ෂයක් වූ අතර රහසයි සොඳුරු ජීවේ,සිහින නෙළුම් මල්,නෙළුම් මලේ පෙති කඩලා,කුමරාණනේ වැනි ගී සමුදායෙන්  ඇය ගී ලෝකයේ මිටියාවත් මලින් සරසාලූයේ ක්ලැරන්ස් විජේවර්ධන ,එම්.එස් ප්‍රනාන්දු සුනිල් පෙරේරා වැනි තරු හා 

නොදෙවෙනි ව  දිලිසෙමිනි.

වේදිකාව දෙවනත් කළ සුලාලිත පිපුණු මල, සොඳුරු සිනහවේ අයිතිකාරිය........

ආදරණීය මරියසෙල් ගුණතිලක ගී තරුව ඔබේ අවසන් ඉල්ලිම අනුව පැය 24 ක් තුළ ඔබේ භෞතික රූපකාය මේ දෙරණ හැර යනු ඇත......

එහෙත් මරණයට පුළුවන් ද ආදරය මරන්නට.......

ආදරියේ කළ මෙහෙවර වෙනුවෙන් ඔබට saravita උත්තමාචාරය